-අමුතු සයන්ස්-:

Friday, September 4, 2015

dhiya yatin gindhara geniyamu- දියයටින් ගින්දර ගෙනියමු

 dhiya yatin gindhara geniyamu-

දියයටින් ගින්දර ගෙනියමු


දියයටින් ගින්දර ගෙනියමු.
අද කාලේ රෙටේ තොටේ දේෂපාලනේ වගේම ගමේ ගොඩේ කවුරුත් කරන්නේ දිය යටින් ගින්දර ගෙනියන එක තමයි ..ඒත් ඉතින් කොයි කොතනත් දිය යටින් ගින්දර ගෙනියන්නේ  කාන්තාවෝ කියල තමයි ඉතින් ප්‍රසිද්ද ඒකෙත් ඇති වැරැද්දක් නෑ.. ගෑනුන්ටත් වෙන වැඩක් තියෙන්න ඔනේ නේ ... ඉතින් කාටත් කරන්න පුලුවන් වෙන්න ඔන්න මම දැම්මා දිය යටින් ගින්දර ගෙන්න ගන්න ක්‍රමයක් ..... බලලා ඔයාලත් උත්සහ කරල බලන්න 

මේකට ඔනේ කැල්සියම් කාර්බයිඩ් සහ වතුර විතරයි මේකට ඔනේ කැල්සියම් කාර්බයිඩ් සහ වතුර විතරයි 
කැල්සියම් කාබයිඩ් වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා ඇසිටිලීන් කියලා වායුවක් ඒක තමයි ..ඔය බුබුලු දාලා නගින්නේ ...එකට ගින්දර ඇල්ලුවම ...ගිනි ගන්නවා ...වාහන ටින්කරින් කරන තැන් වල පාස්සන්න ,කපන්න බාවිතා කරන ඔක්සි -ඇසිටිලීන් දැල්ල හදන්නත් ..මේ ඇසිටිලීන් වායුව ඔනේ ..එතන කරන්නෙත් මේ ප්‍රතික්‍රියාව ම තමයි ..ඒ වගේම පලතුරු ඉදවන්න ගහන කාබඩ් වලින් ලැබෙන්නෙත් මේ ඇසිටිලීන් තමයි ඇසිටිලීන් නිසා තමයි පලතුරු ඉදෙන්නේ ......