-අමුතු සයන්ස්-:

Wednesday, September 23, 2015

TATA vs Layland .ඇයි TATA මෙච්චර පිකප්

බස් ,වාහන ගැන දන්නා අපේ යාලුවො කතා වෙන දෙයක් තමයි ටාටා බස් මාර පික්අප් කියලා ..හැබැයි එහෙම වෙන්න හේතුව හොයලා බැලුවද 

මෙහෙමයි ඒක ගැන කතා කරන්න කලින් අපි මේ බස් හදන ප්‍රධාන සමාගම් ගැන පොඩ්ඩක් දැන ගමු 

ලංකා අශෝක් ලේලන්ඩ්  


මේක වර්තමානයේ ඉංදීය සමාගමක් උනාට මේ layland  කියන්නේ  
Lancashire Steam Motor Company නමින් 1896 පටන් ගත්ත බ්‍රිතන්‍ය වාහන සමාගමක්  1907 තමයි ලේලන්ඩ් කියන නම වැටුනේ .විටෙක බ්‍රිතාන්‍ය රජයටද පසුව volvo සමගමටද මේ සමාගම අයිති උනා 
ඊට පස්සේ තමයි මේක ඉංදියානු සමාගමක් වෙලා එක එක රටවල් වල අවශ්‍යතා අනුව බස් නිශ්පාදනය කරන්නේ .ලංකාවෙත් ලංකා අශෝක් ලේලන්ඩ් නමින් ලංකාවට ඔබින ලෙස බස් එකලස් කරමින් සිටිනවා  


ටාටා 


ටාටා කියන්නේ ජපානයට ටොයොටා වගේ ඉන්දියාවේත් විවිද පැති වලින් ව්‍යපාර කරන සමාගමක් මේ සමාගමත් ලංකාවේ dimo අයතනය මගින් ටාටා නිශ්පාදන ලංකාවට ඔබින මූහුනු හුරකින් නම් (ඩීමෝ බට්ටා ඩීමෝ බට්ටි )කර එකලස් කර විකිනීමේ කාර්‍ය යේදී සිටිනවා 


දැන් අපි දන්නේවනේ ප්‍රදාන සංනාම දෙක ගැන සරලව 
අපි කතා කර කර සිටියේ පිකප් එක ගැන ටාටා ඇත්තටම පිකප් තමයි .ඒකට හේතුව ලේලන්ඩ් හා ටාටා වාහන වල භාවිතා වෙන්නෙ එන්ජින් වර්ග දෙකක් 


ටාටා එන්ජිම -cummins

ටාටා බර වාහන වල බාවිතා වෙන්නේ cummins නම් ඇමෙරිකානු සමාගමක් නිශ්පාදනය කරන එන්ජින් 

ලේලන්ඩ් එන්ජිම -Hino
hino කියන්නේ ටොයොටා සමගමේ truck නිශ්පාදන සමාගමයි ..  ලේලන්ඩ් බස් රත වල hino power ලෙස ගහල තියෙන්නේ මේ නිසයි 


දැන් තේරෙනවද  පිකප් වැඩි වෙන්න හේතුව cummins හා hino අතරින් තමයි හොයගන්න ඔනේ ..සාමාන්‍යයෙන් බස් රත වලට සපයන එංජින් සමානයි 
නමුත් cummins  එන්ජිමේ compression ratio හා bore stroke එකයි hino එන්ජිමට වඩා වැඩි .තවත් දෙයක් තමයි ගියර පෙට්ටිය තමයි සමස්තය තීරනය කරන්නේ ...

ඔබේ අදහස් comment තීරුවෙන් දක්වන්න 

2 comments:

  1. ඒ වගේම ටාටා වල කදු නැගීමේ හැකියාවත් ඉතා ඉහලයි . ලේලන්ඩ් වලත අලුත් ටර්බෝ ඉන්ටර්කූලර් හිනෝ එන්ජින් කදු යනවා නියමෙට. ටාටා වලට වඩා ඩීසලුත් වැඩ කරනවා. ඔය පිකප් මදි ප්‍රශ්ණේ ගොඩක් තියෙන්නෙ ටර්බො එන්ජින්වල ,ටර්බෝ ලැග්, කියන්නෙ ඒකට .ඒ වගේම ටාටා වගේ නෙමෙයි ලේලන්ඩ් එලවන්න හරිම පහසුයි.ලේලන්ඩ් එන්ජින්වල තියන ස්ටැබිලිටි එක කිසිම ටාටා බර වාහන එන්ජිමක නෑ.තව අදහස් තියනම් කිනන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතීයි ........

      Delete