-අමුතු සයන්ස්-:

Sunday, October 11, 2015

බයිසිකලේ ....බයිසිකලේ..... දුප්පත් අපගේ .....බයිසිකලේ




මෙදා පාර ඔන්න කලා හිත අරන් යන විඩියෝ එකක් ... එක දවසක් දා රූං ගාලා හිත අරන් යන ටීවී ඇඩ් එක දැකලා ඇති නේද .... එකේ හිත අරන් යන්නේ බයික් එක මිසක් අල්ලු අර්ජුන් නේවේ ...ඒ කියන්නේ ඉන්දියාවේ කෙල්ලෝ මොටර් බයික් ගැන උනන්දුයි කියන එක නෙවෙයි ...ඉන්දීය සමාජයේ තීයෙන ජරාජීර්ණ බව තම ස්වාමි පුරුශයා දමා යන්න තරම් ......මොනවද මම මේ කියන්නේ  .බයිසිකලේ ගැන කියන්න ගිහින් ඉන්දියාවේ කෙල්ලෝ ගැන කියන්නේ ...

ඔන්න ඉතින් බයිසිකලේ ... කතාව ..කාටවත් ඉතින් බයිසිකලේ කොටස් ගැන කියන්න ඔනේ නෑනේ 
ඒත් බලාගන්නකෝ දැන් කවුද පුස් බයික් පදින්නේ ..හැමෝම ඩියෝ නෙ පදින්නේ 

ඉස්සර ප්‍රේම කතා වල කොල්ල බලන්න කෙල්ල එන්නෙ පුශ් බයික් එකේ . දැන් ලොකු වියාපාරිකයෝ වෙලා ඉන්න ගොඩක් අය පටන් ගත්ත වාහනය මේ පුශ් බයිසිකලේ . මීට අවුරුදු ගානකට කලින් අපි ..අපේ කොල්ලෝ කෙල්ලෝ ස්කොලේ ගියේ පුශ් බයිසිකලේ.. දැන් ගොඩක් දේවල් වෙනස් ..ඉස්සර උපන් දිනේට 
ශිෂ්‍යත්ව පාස් උනාම ඉල්ලුවේ බයිසිකලයක් ..ඒත් දැන් ඉල්ලන්නෙ ලැප් එකක් ,කොම්පුටර් එකක් ,ස්මාර්ට් පෝන් එකක් ..මේවගේ දේවල් අස්සෙ තාමත් බයිසිකල් පදින රත්තරන් කොල්ලො කෙල්ලො ඉන්න බව කියන්නත් ඔනේ ..
මේ බයික් පැදීම අඩු වීම ලමා පරපුරේ ශරීර සුවතාවයත් අබියෝග කරලා තියෙනවා .


මෙන්න රූපේ තියෙනවා වගේ මවුන්ටන් බයික් ලංකාවේ රුපියල් පනස් දාහකට වගේ කිට්ටු වෙනවා 
ඉතින් ඒකේන් පේන්නේ බයිසිකලේ පස්සට ගිහිල්ලා නෑ කියලා .

මුලින්ම රෝදය සොයාගත්තා කියලා ලෝකය පිලිගන්නේ මෙසපොතේමියානු ශිෂ්ටාරයේ කියලයි .නමුත් ආසියාව තුලත් රෝදය ඇතුලු වාහන සම්බන්දව සම්බවයක් තියෙන්න පුලුවන් නමුත් ඒවා යටපත් වෙලා තියෙන්නේ .සහතික නොකල ඉතිහාසය තුල මුල්ම බයිසිකලේ කටුසටහන හා අදහස ලියනාඩෝ ඩාවින්සි ගේ ගෝලයෙක් වෙන  (1493 ) Gian Giacomo Caprotti නමුත් ලියනාඩෝ ඩාවින්සිගේ නිමැවුම් වගේම මෙය ත් කටු සටහනකට සීමා උනා .

මේ වගේ කාලේ ගතවෙලා ප්‍රායෝගික වගේම සාර්තක බයිසිකලය නිර්මාණය උනේ 1817 දී ජර්මානු ජාතික Baron Karl von Drais, විසිනි .නමුත් රුසියානු විද්‍යා පොත් වල මෙය වෙනස් විදියට වාර්තාවෙනවා .. ඔවුන් කියන්නේ මුල් සයිකලය රුසියාවේ ආරම්භ වූ වගක් . නමුත් ලෝකයේ පා පැදිය ,යතුරු පැදිය ,ස්කූටර ,කාර් රථය ,ත්‍රී රෝද රථය සම්භවය සපයලා තියන්නේ ඉතාලිය ,ප්‍රංශය,හා ජර්මනිය කියන රටවල් තමයි පිලිගන්නේ මුල්ම නිර්මාපකයෝ විදියට .ඉහත කී මුල්ම පා පැදිය පේටන්ට් බලපත්‍ර ගැනීමෙන් පසු මුල් පාපැදිය  velocipede, නමින් හඳුන්වනු ලැබුවා .
ඔන්න ඔය විදියට ආරම්බ උන පා පැදිය අද දක්වා එක එක රටවල් යටතේ දියුනු වෙමින් ඉතා ඉහල මට්ටමකට පැමින තියෙනවා 


තවත් විස්තර බලන්න :


කොමෙන්ටුවක් දාලාම යන්නකෝ 


මගේ වීඩියෝ බලන්න :