යටි සිත හා උඩු සිත
සිත කියන්නේ මොකද්ද .....?
කියලා කියන දේ හරියටම තවමත් අපි දන්නේ නෑ ..විද්‍යාවේ තියෙන්නෙත් යම් යන් මත විතරයි . නමුත් බුදුදහමේ මෙය යම් තරමක් පෙන්නලා දීලා තියෙනවා .මේ සිත් විද්‍යාවට අල්ල ගන්න අමාරු ඒක අල්ලන්න බැරි ..නැත්තම් භෞතික දෙයක් නොවෙන නිසයි .හදවත කියලා හිතන් ඉන්නේ හිත් නෙවෙයි .හදවතෙන් හිතන්න බෑ ...කාටවත් හදවතින් අදරය කරුණාව දක්වන්න බෑ .. මේ ඔක්කෝම එන්නේ හිතට ...හැබැයි මොලයයි හිතයි අතර නම් යම් සම්බන්දයක් ඇති .. මොකද අපි අපේ පසිදුරන්ට දැනෙන දේ අදුර ගන්නේ මොලෙන් නිසා
මේ හිත හරිම බයානකයි .මේ හිතින් මිනියක් මරන්න ,කෙල්ලෙක් දූෂනය කරන්න .කඩයක් කඩන්න ..දේවල් කරන්න පුලුවන් .සමහර වෙලාවට අපි අපේ අනාගතේ ගැන හීන දකින්නෙත් මේ හිතින්ම තමයි .
ඇත්තට හිතක් පේන්න නැතත් අපි කාටත් හිතක් තියෙනවා .ලෝකේ කරන්න අමාරුම දේවල් වලින් එකක් තමයි .එකිනෙකාගේ හිත් අවබෝධ කරගන්න එක ..ඒකට ප්‍රදාන හේතුවක් තමයි .අපිට හිත් දෙකක් තියෙන එක . මේ යටි හිත කියන්නේ අපි හිතන හැම දේම වගේ ඇති වෙන තැන .යටි හිතේ තමයි .අපේ ඔනෙම ආසාවක් වගේදේ යටි හිතේ තමයි තියෙන්නේ .සමහරෙක් ගේ යටි හිත ඉතා කැත වෙන්න පුලුවන් ඒත් ඔහු ඒ කිසිවක් නොපෙන්නා ඉතා හොද පුද්ගලයෙක් විදියට සමජයේ හැසිරෙන්න පුලුවන් .
සරල උදාහරනයක් ගමු .අපි ලස්සන ගෑණු ලමයෙක් දැක්ක .අපිට ඔන්න ඒ ගෑනු ලමයා ගැණ හිත ගියා .අපිට පුලුවන් ඇය දිහා ඔනේම විදියකට බලන්න .. අපි හිතමු ඇයට යටි සිතින් ආදරය කරමින් කිසිදා එය නොපෙන්න්වන අය ඉන්න පුලුවන් .සමහරෙක් යටි සිතින් ඇය හා යහන් ගත වෙන්නත් පුලුවන් .
නමුත් මේ යටි සිතේ නරක සියලු දේ ක්‍රියාවට නොනැගෙන්නේ මේ උඩු සිත නිසා .මේ උඩු හිතට යම් යම් සීමා දාලා තියෙනවා සමාජය .ආගම වගේ දේවල් වලින්
ඔන්න දොස්තර මහත්තයෙකුයි ,මේසන් බාස් කෙනෙකුයි බස් එකෙ යනකොට කෙල්ලෙක් දකිනවා .මේ දෙන්නටම හිතෙන්න පුලුවන් මේ කෙල්ලට යමක් කරන්න (කකුල පාගනවා වගේ යමක් )
මෙතනින් මෙම ක්‍රියාව කිරීමට බොහෝදුරට ඉඩ ඇත්තේ මේසන් බාස් අතින් .මේකෙන් පේන්නේ .යටි සිතේ සිතුවිලි එලි වීමට අධ්‍යාපන මට්ටමත් තරමක් බලපානවා .
තවත් දෙයක් තමයි ..මේ ලොව සැම කෙනෙක්ගේම යටි සිත තුල ඇති දේ එලි දරව් කලොත් .. ස්ත්‍රී දූෂකයෙකු නොවන ...හොරෙකු නොවන ..කිසි මිනිසෙකු නොවනු ඇති ...ඔබ දන්නා පරිදි මෝහනය වගේ ක්‍රම මීට වඩා දියුනු වුවහොත් මෙය විය හැකී
එම නිසා මේ නවීන විද්‍යාවට යටි සිත කියවන මැසිමක් හදන්න නොලැබේවායි පතමු