ඔන්න මේක කියවන්න කලින් මේ විඩියෝව බලන්න කට්ටිය .
මේ දර්ෂන පසුබිම් වෙන්නේ මාඳු ගඟ හා කතර ගම මැනික් ගඟ ආශ්‍රිතව .මුලින් මේතන වෙන්නේ මොකද්ද කියලා කියන්න ඔනේ .ඔයාලා ඇලක දොලක කකුල් දාන් ඉන්නකොට පොඩි පොඩි මාලු අවිත් කකුල හපන්න ගන්න වා .මාලු ප්‍රමාණයෙන් කුඩා නිසා අපිට .ඒක දැනෙන්නේ කිති කැවීමක් විදියට .ඒකයි මම ඒකට කිස් තෙරපි කියන්නේ .ඇත්තට මේ ක්‍රමය වෛද්‍යවිද්‍යාත්මකව චිකිත්සා ක්‍රමයක් නැත්තං තෙරපි ක්‍රමයක් කියලා කියන්න පුලුවන් .මේක යම් විදියක ස්නායු ආබාද තව .රූප ලාවන්‍ය කටයුතු සඳහා භාවිතා වෙනවා කියලා තමයි ආරන්චි
පොඩි පොඩි මාලු ගොඩක් ඇවිත් ඔවුන්ගේ හැපීමේදී අපේ පාදයේ සියුම් ස්නායු පවා උද්දීපනය කරනවා .මේ වගේ උත්දීපන වලින් ස්නායු ක්‍රියා කාරීත්වය වගේම මොලේ ක්‍රියා කාරීත්වය වැඩි වෙනවා .හෘද අභාධ වගේ විවිද රෝග වලටද මෙයින් බලපෑමක් කරන්න පුලුවන්
නමුත් මෙය කරන්න ඔනේ සත්ව හින්සනයක් නොවෙන විදියට
උදාහරනයක් ගමු . අද spa නමින් තියෙන සම්භාහන මද්යාස්තාන හුඟක් ගණිකා මඩම් එකේ වෙන්නෙ යම් මිලකට කාන්තාවක් පුද්ගලයෙකුට යම් වින්දනයක් දීමයි .නැත්තම් ඔහුගේ ස්නායු පිනවීම හෝ වෙනයම් දෙයක් පිනවීමයි .මෙය නීති විරෝදී වන අතර තෙරපිවරිය හා අයිති කරු යන හැමෝම වැරදි කරුවන් වෙයි (ඇග විකුනන්නේ ගැහැණුන් පමණක් නොවෙන බව මතක් කරමි )
මාදු ගඟ ආශ්‍රිතව මේ මසුන් කොටු ඇති කර පුද්ගලයෙකු ගෙන් 150 වැනි මුදලකට මේ ෆිශ් තෙරපි ලබා ගන්නට පුලුවනි .මම මේ මාලු කොටු දකින්නේත් පෙර කී spa ලෙසමය දෙකෙහිම වින්දනය විකුනයි .කුඩා මාලු පැටවුන් දිනකට පව්කාර මිනිසුන් 1000 ගේ පමන පයට පහස දෙයි .අයිති කරු පොහොසත් වෙයි .
මාද මෙම මාලු කොටුවකට කකුල් දමාගෙන හිටියා .ඒත් පසුව කල්පනා කරද්දි තමයි තේරුනේ මේ මාලු මුලාවක්ට ලක් වෙලා දාන දාන කකුල කනවා කියලා
මගේ යෝජනාව නම් .මෙය තවදුරටත් කරනවා නම් .යම් යම් සීමා වන්ට යටත්ව කරගෙන යන්න ඔනේ විදියට නීති සම්පාදනය කරන එක . මිනිස්සු වෙන අපිට නීතියෙන් වෙන්නේ අසාධාරනය නිසා මේ සත්ත ලෝකයට සාධාරණය ඉටු වීම .හීනයක්ම තමයි