-අමුතු සයන්ස්-:

Wednesday, October 7, 2015

මල මුහුදයි ඔයයි මමයි ............................................


මේක කියෙව්වම සමහරු කැමති වෙයි .සමහරුන්ට නහුතෙට තද වෙයි ......  පිස්සුවෙන් ලව් කරන බට්ටන්ට නෙවෙයි .ලව් කරලා නා ගත්ත උන් නම් ඉතින් මේක දන්නවා ඇති ...

අපි අද කතා කරන්නේ මේ ගිලීම ගැන ... තරල කියල හඳුන්වන ජාති දෙකක් තියෙනවා එකක් ද්‍රව අනෙක  වායු .වායු ගෝලයේ නම් අපි ගිලිල ඉන්නේ ...වායුගෝලේ පාවෙන්න නම් ඉතින් ටිකක් අමරුයි .එත් ඉතින් ගංජා සුරුට්ටුවක් .. කුඩු පොඩ්ඩක් ගහල උරලා සූර් උනා නම් ඉතින් මේ ඉන්න වායු ගෝලෙත් පාවෙන්න පුලුවන් 


ඉතින් ද්‍රවයක හෝ වායුවක පාවෙන්න ඔනේ නම් ඔයාලගේ බර ට සමාන  බලයක් තරලය මගින් ඉහලට බලයක් යෙදෙන්න ඔනේ ... සාමාන්‍යයෙන් ඒ ඇති වෙන බලය අපි නිසා අවකාසයේ තරලයට අහිමි වෙන ඉඩ නැත්තම් පරිමවට සමාන තරල පරිමාවක බරට සමාන වෙනවා ඒ බලේ අපේ බරට වඩා වැඩි නම් හරි සමාන නම් හරි අපිට පාවෙන්න පුලුවන් ..හැබැයි පිහිනීමේදී වෙන්නේ වෙන දෙයක් ...

ඉතින් මම කිව්වා වගේ මල මුහුදට පැන්නොත් මොකද වෙන්නේ ..අපි කවුරුත් දන්නවා මල මුහුදේ ගිලෙන්නේ නැති විත්තිය .. එකට හේතුව තමයි එකේ අදික ලුනු දියවෙලා තියෙන නිසා ඇතිවෙච්ච අදික ඝනත්වය .එක නිසා අපි ගිලෙන කොට අපිට ජලයෙන් ඉහලට දැනෙන බලය මල මුහුදෙදි වැඩී 

ඉතින් මේ අදරය මේකට ගලපන්නෙ කොහොමද ..සමහරු ආදරක් පටන් ගන්නේ එකෙන් කිසි කරදරක් වෙන එකක් නෑ කියලනේ .ඒත් කිසි අවුලක් නැතුව යහතින් ආදර කතා ඉවර වෙන්නේ කීයෙන් කී දෙනාගෙද ? ඉතින් අමාරුවේ වැටෙනාවා කියා නොදැන අමාරුවේ වැටෙන සිද්දිය 
 මල මුහුදට පනින්න ගිහින් පැසිෆික් සාගරයට වැටෙනවා වගේ නෙවෙයිද?