-අමුතු සයන්ස්-:

Wednesday, September 30, 2015

අද ලෝක වැඩිහිටි දිනය ,ළමා දිනය ,ලෝක ජනාවාස දිනය

අද ලෝක වැඩිහිටි දිනය ,ළමා දිනය ,ලෝක ජනාවාස දිනය 

අද ළමයින්ගේ දවසක් පමණක් නොවේ අද ලෝක වැඩිහිටි දිනය ඒ වගේම ජනාවාස දිනය 
ඉතින් අද දවස ගැන කට්ටිය දැනගෙන ඉන්න එක හොඳයි ...
ඔක්තොබර් 01 ලමා දිනය සමරද්දි .වැඩිහිටි නිවාස වල ඉන්න අපේ අම්මල ගැනත් බැලුවොත් මොකද..එයලට තියෙන්නේ ත් මේ වැඩිහිටි දිනේ විතරයි .මොකද එයාලට වැඩිහිටි නිවාස දිනයක් තියෙනවද ?

Monday, September 28, 2015

isis කාරයොන්ට ඔන්න රුසියාව ගහනවා කියල පුටින් මහත්තය කියනවා ..ඉතිහාසය විද්‍යයාව වගේ දේවල් දන්න අයට රුසියාව ගැන අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ .....ඉ තින්

මෙන්න යථාර්තය

මෙන්න යථාර්තය 

මේක හයේ පන්තියේ දෙන පොඩි ගානක් .මිනිස් පැය ගනන් බලලා තමයි අපි මේක හැදුවේ.. පිරිමි තුනක් දවස් 2ක් වැඩ කලාම මිනිස් පැය 6 යි ... මිනිස්සු 6 ක් කරන්නේත් ඒ වැඩේම නිසා .. දේකේම මිනිස් පැය ගනන් සමාන වෙන්න ඔනේ ...එක තමයි මිනිස්සු 6කට එක දවසින් කරන්න පුලුවන් ....
 හබැයි ගෑනූ  ඉන්නගාන වැඩි වෙනකොට ගතවෙන කාලේ වැඩි වෙනව කියල තමයි අපේ හයේ පන්තියේ සර් කියල දුන්නේ ...ඇයි කියලා නම් අහන්න එපා 

Friday, September 25, 2015

Whiten your face- ඔබේ මූණ සුදු කරගන්න .ලප කැලැල් ඉවත් කර ගන්න

        ඔබේ මූණ සුදු කරගන්න  .ලප කැලැල් ඉවත් කර ගන්න . දේශීයව නිශ්පාදනය කරන ලද ගෙන්දගම් ආලේපය ... ලොල් කෝටියයි ඕයි  .... ගා ගන්න සුදු වෙන්න .

Wednesday, September 23, 2015

TATA vs Layland .ඇයි TATA මෙච්චර පිකප්

බස් ,වාහන ගැන දන්නා අපේ යාලුවො කතා වෙන දෙයක් තමයි ටාටා බස් මාර පික්අප් කියලා ..හැබැයි එහෙම වෙන්න හේතුව හොයලා බැලුවද 

මෙහෙමයි ඒක ගැන කතා කරන්න කලින් අපි මේ බස් හදන ප්‍රධාන සමාගම් ගැන පොඩ්ඩක් දැන ගමු 

ලංකා අශෝක් ලේලන්ඩ්  


මේක වර්තමානයේ ඉංදීය සමාගමක් උනාට මේ layland  කියන්නේ  
Lancashire Steam Motor Company නමින් 1896 පටන් ගත්ත බ්‍රිතන්‍ය වාහන සමාගමක්  1907 තමයි ලේලන්ඩ් කියන නම වැටුනේ .විටෙක බ්‍රිතාන්‍ය රජයටද පසුව volvo සමගමටද මේ සමාගම අයිති උනා 
ඊට පස්සේ තමයි මේක ඉංදියානු සමාගමක් වෙලා එක එක රටවල් වල අවශ්‍යතා අනුව බස් නිශ්පාදනය කරන්නේ .ලංකාවෙත් ලංකා අශෝක් ලේලන්ඩ් නමින් ලංකාවට ඔබින ලෙස බස් එකලස් කරමින් සිටිනවා  


ටාටා 


ටාටා කියන්නේ ජපානයට ටොයොටා වගේ ඉන්දියාවේත් විවිද පැති වලින් ව්‍යපාර කරන සමාගමක් මේ සමාගමත් ලංකාවේ dimo අයතනය මගින් ටාටා නිශ්පාදන ලංකාවට ඔබින මූහුනු හුරකින් නම් (ඩීමෝ බට්ටා ඩීමෝ බට්ටි )කර එකලස් කර විකිනීමේ කාර්‍ය යේදී සිටිනවා 


දැන් අපි දන්නේවනේ ප්‍රදාන සංනාම දෙක ගැන සරලව 
අපි කතා කර කර සිටියේ පිකප් එක ගැන ටාටා ඇත්තටම පිකප් තමයි .ඒකට හේතුව ලේලන්ඩ් හා ටාටා වාහන වල භාවිතා වෙන්නෙ එන්ජින් වර්ග දෙකක් 


ටාටා එන්ජිම -cummins

ටාටා බර වාහන වල බාවිතා වෙන්නේ cummins නම් ඇමෙරිකානු සමාගමක් නිශ්පාදනය කරන එන්ජින් 

ලේලන්ඩ් එන්ජිම -Hino
hino කියන්නේ ටොයොටා සමගමේ truck නිශ්පාදන සමාගමයි ..  ලේලන්ඩ් බස් රත වල hino power ලෙස ගහල තියෙන්නේ මේ නිසයි 


දැන් තේරෙනවද  පිකප් වැඩි වෙන්න හේතුව cummins හා hino අතරින් තමයි හොයගන්න ඔනේ ..සාමාන්‍යයෙන් බස් රත වලට සපයන එංජින් සමානයි 
නමුත් cummins  එන්ජිමේ compression ratio හා bore stroke එකයි hino එන්ජිමට වඩා වැඩි .තවත් දෙයක් තමයි ගියර පෙට්ටිය තමයි සමස්තය තීරනය කරන්නේ ...

ඔබේ අදහස් comment තීරුවෙන් දක්වන්න 

Monday, September 21, 2015

Lion vs Tiger





තීරනය කිරීමට පෙර පොස්ටුව කියවන්න ..
වරදවා වටහා නොගන්න ... මෙය ..... ඉවසිල්ලෙන් සසඳා තේරුම් ගන්න ....... මෙය තම රට ජාතිය අඩු තක්සේරු කරන පොස්ටුවක් නොවේ .... මෙය ගොඩාක් අය නොදන්නා ප්‍රසිද්ද රහසකි .... කුලප්පු වෙන්න නම් එපා ........
මේකට විද්‍යත්මක පසු බිමක් තිබෙනවා .....සිංහයාගේ පිරිමි සතා නොහොත් කේසර සිංහයා දඩයමට කම්මැලි සතෙකි ...වැඩි දුර දාවනයේ යෙදෙන්නත් අකමැති ... තමන් සටනක් කරනවානම් කරන්නේ නව සහකාරියක් සොයා ගැනීමට තවත් සිංහයෙ කු සමගය ...

සිංහ දේනුව මීට හාත් පසින්ම වෙනස් ය .ඔවුන් තම පැටවුන්ගේ ...බඩ ගින්න වෙනුවෙන් දඩයම් කර සතුන් දඩයම් කරති ..ඒ සිංහ දේනූන් කිහිප දෙනෙකු සමග එක්ව ..එකමුතුව පහර දීමෙනි .. ඒලෙස අමාරුවෙන් කරන දඩයම ක්ශනයෙන් පිරිමි සිංහයා තම සහකාරිය තම දරුවන්ට ගෙන එන දඩයම තනියම වගකියනු ලබයි.දේනුවට හා පැටවුන්ට ඉතිරි වන්නෙ කටු ය .
සිංහයා බඩගින්නෙ හිටියත් තනකොල නොකෑවාට ඔහු කන්නේ තමන් ගේ බිරිද ගේ හා දරුවන්ගේ කෑම වේලය ...
නමුත් කොටියා ,ව්‍යග්‍රයා ,දිවියා ,හදුන් දිවියා ,පඳුරු කොටියා යන සතුන් මීට හාත් පසින් වෙනස් ය .ඔවුන්ගේ හැසිරීම් ආසන්නව සමානය ඒ ඔවුන් එකම් පවුලේ නිසාවෙනි .
මේ අතරින් චීටා ගේ කඩිසර කම ගැන අමුතුවෙන් කිව යුතු නැත. ලංකාවේ සිංහයන් (සිංහල කොඩිය හා ලාංකික කොඩියේ ඉන්නේ )නැතුවා සේම ..කොටින් හෝ ව්‍යග්‍රයන් නැත (ඊලාම් කොඩියේ ඉන්නේ ).ලංකාවේ ඉන්නේ දීවියන් ය .
මුන් වඩා තනිව වාසය කරන නමුත් කම්මැලි නොමැති සත්ව කොටසකි
.
.මෙමෙ පොස්ට් එක පිලිබඳ ඔබ සම්පුර්නයෙන් එකඟ නොවන්නට පුලුවන් .
ඔබේ අදහස දක්වන්න .. මෙය මා උපුටා ගත්තේ පුවත් පතකින් බවද සලකන්න

Saturday, September 19, 2015

ජාතික ආණ්ඩුව නොහොත් ජාතික චුයිංගම් එක jathika chuin gam eka.

ජාතික ආණ්ඩුව නොහොත් ජාතික චුයිංගම් එක jathika chuin gam eka.

 අද වැඩියෙන්ම අහන්න ලැබෙන්නෙ මේ ගැන ... කොයික කෑවත් එකම රස ...බලන්න බොරු නම්


Wednesday, September 16, 2015

අමුතු විදියට හිතන මිනිස්සු පිස්සො කියල හිතන්න එපා ඔවුන් තමයි 

දවසක ලෝකය වෙනස් කරන්නේ 


බලන්න බුද්දිමත් ලමයද ටීචර් ද කියලා

Saturday, September 12, 2015

Reset the Earth- පෘතුවිය කෙලින් කරමුද .... කකුලුවෙක් කියයි


 Reset the Earth-  පෘතුවිය කෙලින් කරමුද .... කකුලුවෙක් කියයි 
දන්නවනේ ඔයාලා අපේ ලොකේ අංෂක 23.5 ආනතයි ..... ඒක නැතුව අපිට ඉන්න        නම් බෑ ...ඒත් අපි පොඩ්ඩක් කෙලින් කරලා බලමු මොකද වෙන්නේ කියලා ......මම නම් හිතන්නේ ඔක්කොම කනපිට හැරේවී කියල බලන්න

Thursday, September 10, 2015

බලංගොඩ හුලං මෝල් Kinetic Energy of Wind for a power solution

බලංගොඩ හුලං මෝල් 
Kinetic Energy of Wind for a power solution
.............................

ලංකාවේ ප්‍රදානව විදුලි බලය නිපදවන්නේ ඛණිජ තෙල් හා ගල් අඟුරු බාවිතයෙන් ..ඉතිරිය අපි හොයා ගන්නේ අපේ සුන්දර ගංගා හරස් කරලා හදපු ජල විදුලි බලාගාර වලින් ... එත් ලංකාවේ දැන් දැන් සුර්‍ය පැනල තරමක් ව්‍යප්ත වෙමින් යනව
මේ තියෙන්නේ ලංකාවේ දැනට තියෙන සුලං මෝල් ටික

මේ අතරින් ගොඩක් විදුලි බලාගාර අයිති පෞද්ගලික සාමාගම් වලට .. ලංකාවේ තියෙන හා යෝජිත හුලං ව්‍යපෘති බලන්න පල්ලෙහා ලින්ක් එකට යන්න 


මේ අනුව මට නම් හිතෙන්නේ ලංකාවේ පෞද්දලික අයතන ඉතමත් ලෙස විකල්ප බලශක්ති උත්පාදනයට යන පාටතමෛ පේන්නේ ... ලංකාවේ ප්‍රදාන ලෙස නිරිත දිග මොසමෙන් හා ඊසාන දිග මෝසමින් තමයි හුලං එන්නෙ  ඊට අමතරව කදුකරයේ හුලං කපොලු ආශ්‍රිතව ත් මේ වා පිහිටලා තියෙනවා 


මගේ ඇස ගැටුන බලංගොඩ නගරයට ආසන්නව පේන හුලං මෝල තමයි මේ ...

















Wednesday, September 9, 2015

ඇස මානයේ ඇති සුන්දර ඉසව් -2

ඇස මානයේ ඇති සුන්දර ඉසව් -2

මේ තියෙන්නේ (සුදු පාටට ) ඇසට බලාගන්න පුලුවන් තරමේ තියෙන පුංචිම ජාතික ආන්ඩුව . මේ තියෙන්නෙ ලයිකන ..මේකෙ වෙන්නේ දිලීරයක් හා ඇල්ගාවක් සහයෝගිව වාසය කිරීම තමයි ..පොඩ්ඩක් වත්ත පහලට ගිහින් බලන්න 

ඇස මානයේ ඇති සුන්දර ඉසව් -1

ඇස මානයේ ඇති සුන්දර ඉසව් -1

මේ තියෙන්නේ අති දක්ශ පරිසර චායා රූප ශිල්පියෙක් ගත්ත ඇමේසන් වනයේ චායා රූපයක් වත් සිංහරාජ වනයේ ගත්තු සේයා රුවක් නෙවෙයි.. 
මේ අපේ නිවස අසල ගලක වැවිල තියෙන පෙඳ වර්ගයක් 
..ඉතින් බලන්න ඔබේ ඇස අද්දර ම මේ වගෙ සුන්දර තැන් තිබෙනවා 
ඔබ දකින විදිය... ෆේස්බුක් චැට් පොඩ්ඩක් නවත්තල  ගෙවත්ත පොඩ්ඩක් නිරීක්ශනය කරල බලන්න .... 

Friday, September 4, 2015

dhiya yatin gindhara geniyamu- දියයටින් ගින්දර ගෙනියමු

 dhiya yatin gindhara geniyamu-

දියයටින් ගින්දර ගෙනියමු


දියයටින් ගින්දර ගෙනියමු.
අද කාලේ රෙටේ තොටේ දේෂපාලනේ වගේම ගමේ ගොඩේ කවුරුත් කරන්නේ දිය යටින් ගින්දර ගෙනියන එක තමයි ..ඒත් ඉතින් කොයි කොතනත් දිය යටින් ගින්දර ගෙනියන්නේ  කාන්තාවෝ කියල තමයි ඉතින් ප්‍රසිද්ද ඒකෙත් ඇති වැරැද්දක් නෑ.. ගෑනුන්ටත් වෙන වැඩක් තියෙන්න ඔනේ නේ ... ඉතින් කාටත් කරන්න පුලුවන් වෙන්න ඔන්න මම දැම්මා දිය යටින් ගින්දර ගෙන්න ගන්න ක්‍රමයක් ..... බලලා ඔයාලත් උත්සහ කරල බලන්න 

මේකට ඔනේ කැල්සියම් කාර්බයිඩ් සහ වතුර විතරයි මේකට ඔනේ කැල්සියම් කාර්බයිඩ් සහ වතුර විතරයි 
කැල්සියම් කාබයිඩ් වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා ඇසිටිලීන් කියලා වායුවක් ඒක තමයි ..ඔය බුබුලු දාලා නගින්නේ ...එකට ගින්දර ඇල්ලුවම ...ගිනි ගන්නවා ...වාහන ටින්කරින් කරන තැන් වල පාස්සන්න ,කපන්න බාවිතා කරන ඔක්සි -ඇසිටිලීන් දැල්ල හදන්නත් ..මේ ඇසිටිලීන් වායුව ඔනේ ..එතන කරන්නෙත් මේ ප්‍රතික්‍රියාව ම තමයි ..ඒ වගේම පලතුරු ඉදවන්න ගහන කාබඩ් වලින් ලැබෙන්නෙත් මේ ඇසිටිලීන් තමයි ඇසිටිලීන් නිසා තමයි පලතුරු ඉදෙන්නේ ......