-අමුතු සයන්ස්-:

Sunday, November 29, 2015

ඇණ බැලන්සින් අතුලු බැලන්ස් වැඩ

ඇණ බැලන්සින් අතුලු බැලන්ස් වැඩ 

Wednesday, November 11, 2015

මොලය හා නිවන

නිවන යන්න කුමක් දැයි අපි දන්නේ නැත .ඒ එය අපි අත් විඳ නොමැති නිසාය .එක ලබා ගත්තෙකු අපට කිසිඳා හමු වන්නේ ද නැත ..
2014 දී නිකුත් වූ lucy සිනාමා පටය දෙතුන් වතාවක් බැලුවම අපේ අගම ගැන යමක් හිතන්නට හිතුනා .මම මේ උත්සහ කරන්නේ බුදු දහම බටහිර විද්‍යාවට ලගු කරන්න නොවෙයි .සිනමා පටයේ පෙන්නනේ විද්‍යා ප්‍රබන්ධයක් මිස පරම සත්‍ය නොවේ .නමුත් සිතන්නට නම් බොහෝ දේ තිබෙනවා 

මුලින් මේ සිනමා පටය ගැන යමක් කියමු .මෙහි ලුසි නම් තරුනියට වෙන අකරතැබ්බයක් නිසා මත් ද්‍රවයක් නිසා ස්න්‍යායු අදිකව උත්තේජනය වෙලා සීග්‍රයෙන් නියුරෝන අවදි වෙන්නට පටන් ගන්නවා .. මැය මෙය 100% මොලයේ ක්‍රියාකරීත්වය දක්වා ද්යුණු කරණවා .ඔබ මෙය හොදින් වටහා ගන්නට නම් නැරඹිය යුතුම වෙනවා සිංහල උප සිරැසිත් බයිස්කෝප් එකේ තියෙනවා .
මම මේකේ මොලයේ එකක් එක මට්ටමේ ක්‍රියා කාරීත්වය ගන්නම් 

5%----------- සාමාන්‍යයෙන් බොහෝ සතුන් තම මොලයේ ධාරිතාවයෙන් බාවිතා කල හැකි ප්‍රමාණය 

10-15%----------මෙය මිනිසාගේ සාමාන්‍ය තම මොලයේ ධාරිතාවයෙන් බාවිතා කල හැකි ප්‍රමාණය අපි                                    මෙතෙක්  දකින මේ විශ්ව කර්ම නිර්මාණය කලේ මොලෙයේ  මේ තරම් අඩු ප්‍රතිශතයක්                                බාවිතා කරගෙන  
20%----------ඩොල්පින් මාලුවට පූලුවන් මිනිසාට වැඩි ප්‍රමාණයෙන් මොලය බාවිතා කරන්න .ඩොල්පින් ට                          පුලුවන් තරංගසමග වැඩ කරන්න ..ඩොල්පින්ගේ මොලයට පුලුවන් අති ධ්වනි හදුනා ගන්න                           වගේම පිට කරන්න ..මේ මට්ටමේදී මිසෙකූට පුලුවන් තම ශරීර්යේ පාලනය තමන් අතට ගන්න 

28%---------.වෙද්දි පුලුවන් කෙනෙක්ගේ හිත කියවන්න ..ඒ වගේම කිසි හැඟීමක් හෝ බැඳීමක් දැනෙනේ                         නෑ ..මූලික ශක්තීන් වෙන ආලෝකය .විද්යුත් තරංග ආදිය මනසින් (හෝ මොලයෙන් )පාලනය                     කල හැකි වෙනවා ...මේ මට්ට්ම ගණිතය විද්‍යාව සියල්ල අබිබවා යනවා 

30%--------- මේ මට්ටමේදී යම් තැනක සිට යම් තැනක වෙන දේ බලන්නට පුලුවන් .ඒ වගේම .වෙනත් අයව                      පාලනය කරන්නට පුලුවන් 

40%----------- භෞතික වස්තු පාලනය හැකි වෙනවා 

50%----------- වෙන විට මෙතෙක් කල හැකි වූ සියල්ල ඉතා වේගයෙන් මෙන්ම වැඩි ප්‍රමාණයකින් කරන්න                          පුලුවන් වෙනවා 

90%---------- මේ වන විට කාලය හරහා මනසට ගමන් කිරීමේ හැකියාව .. ක්ශනයෙන් ඔනේම තැන කට                             යාමේ හැකියාව ලැබෙනවා 

100%--------- සම්පූර්නයෙන් ස්කන්දයක් නැතිවෙලා ශක්තියක් බවට හැරෙනවා මේ ශරීරය 



මේ චිත්‍ර පටය ඉවර වෙනකොටම මට දැනුනේ නිවන හා මේ මොලයේ වෙන දියුනුව අතර යම් සම්බන්දයක් තියෙන බව .ගැඹුරින් බැලුවොත් බුදු දහමේ මනස යන්න ට තවමත් නිර්වචනයක් නොමැති නිසා මොලයේ දියුණුව මනසේ දියුනුවක් ලෙස අරගෙන තමයි මම මේ සිතුවිල්ල ඉදිලයි .



                                                                    බෞද්ධ දර්ශණයට අනුව අපට යා හැකි උපරිමය තමයි නිවන් ලැබීම මේ නිවන යනු ..නැවත ඉපදීමක් නොමැති වීම .නැත්තං ආත්මයක් නොමෙති වීම ... සරලව හිතුවොත් මනසක් හා ශරීරයක් යන සීමා වලින් ඉවත් වෙලා .නිදහස් වීම .දැන් දන්න විද්‍යාවට අනුව ශක්තියක් බවට පත් වෙලා විශ්වයට නිකුත් වීම  .

මේ අවස්තාව කෙනෙකුගේ මොල්යේ 100% ලෙස හිතන්න බැරිද ?. මේ සිනමා පටයේ ලුසී නිවන් දකිනවා කියන්න උත්සහ දරනවා නෙවෙයි .ඇය අවසානයේ ...ස්කන්දයෙන් හා මනසින් තොර ශක්තියක් බවට පත් වෙනවා ... මොලයේ යම් යම් මට්ටම් වලදී .පුබ්බේ නිවාණානුස්සති ,චුතුපපාතී ,ආසවඛ්‍ය වැනි තත්ව 90%-100% සංවර්ධිත මොලයකට ලැබෙනවා ... නිවන් මග කියන්නේ මොලේ නැත්තම හිතේ බාවිතා වන පරිමාව වැඩි කිරීමේ ප්‍රතිපලයක් කියලයි මගේ අදහස .

විද්‍යාවට හිත යන්න මොලෙන් වෙනකර හදුනා ගන්න අමාරු වෙලා තිබ්බට ..මොලේ කියන්නේ පරිගනකයක් නම් හිත කියන්නේ එම පරිගනක ය හරහා පිවිසෙන සයිබර් අවකාශයක් වෙන්න පුලුවන් නේද ?

මේ ගැන ඔබේ අදහසත් කියන්න 














තාත්තලා හා පුතාලා




උගත් කම කියලා දෙයක් පටන් ගත්ත දවසේ ඉඳලා මේ රවුම යනවා ඔන්න ... හේන් ගොවිතැන් කරන තාත්තා එයාගේ පුතාට උගන්නනවා දුක් විඳ විඳ වේලක් ඇර වේලක් කාලා .ඔන්න පුතා කැම්පස් එහෙම ගිහින් ඉගෙන ගෙන උගත් පුතෙක් වෙනවා ..එයා ට දැන් අතමිට සරුයි ..එයාගේ පුතා දුක දන්නේ නෑ  පුතා ගෙත් අතමිට සරුයි ..පුතා එච්චර ඉගෙන ගන්නේ නෑ .. වල බහිනවා ..දැන් මූ කෙල්ලෙක් සෙට් කරගෙන තාත්තගෙ සල්ලි ටික ඉවර වෙනකල් ෆන් අරන් පුතෙක් හදනවා ඒ පුතා මෝඩයි දුප්පත් තාත්තා වගේ එයට වෙනවා මහන්සි වෙලා එයගේ පුතාට උගන්නන්න ..

ඔන්න ඕකයි පිය පුතු චක්කරේ 

Sunday, November 8, 2015

සිහින සාප්පුව

තිසා එව උතුරන්න ඔන්න මෙන්න තියෙද්දි
වැව් බැම්ම දිගේ යනකොට ලොකූ අලියෙක් අවා කොහෙන් ආවද හිතා ගන්න බෑ ඌ කැරකිලා මට ගහන්න හැදුවා විතරයි ඇහැරුනා
ඇහැරිලා බලද්දි මම පිට කොටුවේ බෝ ගහ ගාව අපොයි මෙන්න සෙනග දුවනවා
එහා පැත්ත හැරිලා බලන්න හැදුවා විතරයි පටාන් ගාල පිපිරුවා බෝම්බයක් ඒ එක්කම
ඇහැරුනා බලනකොට මම ඉන්නේ තායි ස්පා එකක කෙල්ලො දෙන්නේක් තෙල් වගේකුයි තුවයකුයි අරන් ආවා ...විතරයි දඩාං ගාලා පැන්නා පොලිසියෙන් මම ඩෝන් ගාලා පතබෑවුනා .ඇහැරිලා බලද්දි මම බීච් එකේ කෙල්ල එක්ක ..කෙල්ල කිව්වට මම එකිගෙන් ඇහුවා විතරයි ...ඒකි කිව්වා අයියේ අපි යාලුවෝ වගේ ඉමු කියලා .... මං ඉතින් කොකටත් බයෙන් බයෙන් කෙල්ලගෙ අතින් ඇල්ලුවා ඒකි දුන්නා මට කුඩ පාරක් .... අම්මේ ...සනීපේ
මට දැන් ලාවට අහෙනවා
"පස්ස පැත්තට ඉර පායනකල් බුදියනවා මූ ..මීට වඩා හොදයි ....#$$%%%."
එච්චරයි .....බලද්දි මම ඇහැරිලා
ඔන්න මම කඩි මුඩියේ ඇහැරිලා කරන්න ඔනේ ටික කරල පොත් මිටියක් අරන් දිව්වා ක්ලාස් එකට  බස් එකෙන් බැහැලා පාර් පයින්න කියල හැරුනා විතරයි .අර හීනේ හිටපු කෙල්ල කුඩ්ඩෙක් ගේ බයික් එකේ යනවා බදාගෙන .. අම්මේ උන් දෙන්නාගේ අම්ම මතක් කරන් පැන්නා ඔන්න පාර ... අම්මට හුඩු ඩෝන් ගෑවා විතරයි මම බොඩිමේ ඇඳ උඩ ... මොන රෙද්දක්ද මේ හීනේ ඉවර වෙන්නේ නෑනේ .

මේ වගේ හීන කවුද බලලා තියෙන්නේ .සමහරු බලලා ඇති .. සමහරු බලලා නැතුව ඇති ...ඒත් මම හිතන විදියට අපි මේ ජිවත් වෙනවා කියලා කරන්නේ කෙනෙක් ගේ හරි පිරිසකගේ හීන ලෝකෙක ඉන්න එක තමයි කරන්නේ .ඒක නෙවෙයි කියල කෙනෙක් ට හිතෙන්න පුලුවන් ..ඒත් එයාට බෑ .තමා ඉන්න ලෝකේ හරියට අර්ත දක්වන්න ..
මේ විශ්වය ,ග්‍රහලෝක ,ඉර පවා කෙනෙක්ගේ සිතුවිලි වෙන්න පුලුවන් .. එම සිතුවිලි අයිති කෙනත් ඉන්නේ වෙන කෙනෙකුගේ හීනෙක වෙන්න පුලුවන් .. මෙහෙම අනන්ත හීන ගානක් එකතු වෙලා අපි එකිනාගේ හීන අස්සෙ ඉන්න නිසා .මේ භෞතික ලෝකය තනි සිතුවිල්ලක් වෙන්න පුලුවන් .....

මේ හීනෙන් මිදීම යන්න වෙන්න පුලුවන් බුදුන් වහන්සේ නිවන් දැකීම යනුවෙන් දේශනා කරන්න ඇත්තේ .. නමුත් බුදුන් වහන්සේත් සිහිනයක් වෙන්න පුලුවන් කියල කෙනෙක් කියන්නත් පුලුවන් .


මට මේ අදහස අවේ inception චිත්‍රපටය නැරඹු වට පස්සේ ..


පුලුවන් හැමොම ෆිල්ම් එක බලන්න .. ෆිල්ම් එක ගැන මා දන්න තරමින් පොඩ්ඩක් විස්තර කරන්නම්  මේ ෆිල්ම් එක එක මොහොතක් හෝ මගහෙරුනොත් තේරුම් ගන්න අමාරුයි .. මෙහි ප්‍රදාන චරිතය ලියනාඩෝ ඩිකැප්‍රියෝ (ටයිටැනික් ෆිල්ම් එකේ ඉන්නේ ) cobb කියන චරිතේ තමයි . ඔහු ගේ රැකියාව කෙනෙක්ගේ මනසට හීන ඔස්සේ ගිහින් දත්ත හොරකම් කරන එක .. inception යන වචනයේ තේරුම මූලාරම්බය ..නැත්තම් කෙනෙක්ගේ යටි සිතේ අදහසක් රෝපනය කිරීම  මොහු ඔහුගේ බිරිඳ සමඟ මෙය අත්හදා බලනවා .ඒකේ ප්‍රතිපලයක් ලෙස ඔහුට බිරිඳ අහිමි වෙනවා .ඇය ඔහුගේ හින වලට සීමා වෙනවා .. මේ සිද්දි අස්සෙ ඔහුට රාජකාරියක් පැවරෙනවා ව්‍යාපාරිකයෙකු ගේ යටි සිතෙහි යම්ක් රෝපණය කරන්න .මෙහිදී ඔවුන්ට හීන අතුලේ හීන දකින්න වෙනවා ..මේ පින්තූරේ තියෙන්නේ ඒ හීන කතාව නැත්තං හීන පිලිවෙල

මෙන්න මේ කාල රාමුවට අනුව පේනවා  ඔවුන් එක හීනය අතුලේ හීන 4 තුල සැරිසරනවා ලිම්බො  කියලා තියෙන්නේ හීන ලෝකේ අපි අතරමන් වෙන අවකාශය ... 

මේසිනමා පටය බලලා ඔබට හිතෙනදේ කියන්න... ස්තුතියි  


Thursday, November 5, 2015

පබ්ලික් ගයිස් vs ප්‍රයිවට් ගයිස්



දැන් දැන් පෞද්ගලික විශ්ව විද්‍යාල හා රජයේ විශ්ව විද්‍යාල අතර පොඩි පොඩි කෝන්තර මතුවෙමින් තිබේ . ඉතා හුඟ කාලයක සිට පෞද්ගලික විශ්වවිද්‍යාල තිබුනද .වැඩි කතාබහක් අවේ saitem විශ්වවිද්‍යාලය වෛද්‍ය උපාදිය පිරිනැමීම ආරම්භ කිරීමත් සමගයි .

ඊට පෙර එතරම් කතා බහක් තිබුනේ නෑ මේ ගැන . මෙ දවස් වල යම් යම් දේශපාලනික පසුබිම් ඇති කන්ඩායම් කියන යම් යම් දේ නිසා . දෙපාර්ශවයේම මිතුරන් දැන් දැන් පොඩි පොඩි වාග් ප්‍රහාර කරගන්නවා 

අමුතු සයන්ස් අපේ මතය නම් .පෞද්ගලික හෝ රජයේ කුමන වර්ගයේ විශ්ව විද්‍යාල වැඩි වැඩියියෙන් ලංකාව තුල බිහිවිය යුතු බවයි .. හැකිතාක් තාක්ශණ හා කාර්මික අධ්‍යාපන අයතන වැඩිවෙන තරමට අපේ රට දියුනු වෙනු නොඅනුමානය  .
විශ්ව විද්‍යාලයෙන් ඉවත් වු පසු තම ගමන් මග තීරණය කරන්නේ තම දක්ශතාව මිස ඉගෙන ගත්තේ රජයෙන්ද  පෞද්ගලික වද යන්න නොවේ 

රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් තමා  දක්ශතාව හා තම විශ්ව විද්‍යාලය ගැන විශ්වාසය තිබේ නම් බිය විය යුතු නැත 

මෙසේ කෑ කෝ ගෑසීමෙන් ඔබ ..අපට පෙනෙනේ ඉහත අකාරයේ කටුස්සාට බය හස්තියෙකු ලෙසය

Wednesday, November 4, 2015

වඳ වාහේ සමග පවුල් කෑම


ලංකාවත් ආසයි වෙන රටවල් වගේ පට්ට රටක් වෙන්න ... පට්ට වැඩ කරන්න ..පට්ට තාක්ශනයක් හදාගන්න .පට්ට වෙන්න ..
කවදා එහෙම වෙන්නද මේ පට්ට ගොන් දේස පාලුවෝ එක්ක ...
ලංකාව මේ ගෙවන්නේ වඳ වහේත් එක්ක පවුල් කනවා වගේ වැඩක්  කියලා කියන්නේ ඒකයි . 

රටක් දියුනු වෙන්නේ ඒ රටේ යමක් නිෂ්පාදනය කරනවානම් පමණයි . අපි වැඩි පුර සයන්ස් පැත්තෙන් කතා කරන නිසා . පොයින්ට් එකටම කියන්න ඔනේ . අපේ රටේ අලුත් දෙයක් කරන්නට හෝ රට සංවර්දනය කරන්නට කොයි රජයටවත් නොහැක. ඔවුන් හැමදාමත් ප්‍රදාන ප්‍රශ්න කරගන්නේ එකම ප්‍රශ්නය 
හැට ගනන් වල සිට අද වෙනතුරු ජනවාර්ගික ප්‍රශ්නය ,ගොවිතැනේ ප්‍රශ්න ,ජල ප්‍රශ්න ,ආ දී කිසිදු ප්‍රශ්නයක් මෙතෙක් විසඳා නෑ  .කවදාවත් විසඳන්නටත් බෑ .හැමදාමත් පුටු මාරු කරමින් .පරණ තුවාල පාරමින් ඉන්න එක විතරයි කරන්නේ 

මොවුන් කවදාවත් මේ රට නිශ්පාදන ආර්තිකයක් කරා නම් ගෙනියන්නේ නෑ 

ඉතින් මේකට විසදුම මේ දේසපාලුවො ඔක්කොම මරලා දාන්න ඔනේ .. නැත්තන් මුන් පත්කරන ජනතාවට එරෙහිව විස්වාස භංගයක් ගෙනල්ලා .දැන් ඉන්න ජනතාව අස් කරලා අලුතින් ජනතාවක් පත් කරගන්න ඔනේ .

ඒක කරන තාක් මේ ගොන් දේස පලුවන් සමග රට ගෙන යාම 

වඳ වාහේ  සමග පවුල් කෑමක් ම  තමයි 



Monday, November 2, 2015

කිස් තෙරපි



ඔන්න මේක කියවන්න කලින් මේ විඩියෝව බලන්න කට්ටිය .

මේ දර්ෂන පසුබිම් වෙන්නේ මාඳු ගඟ හා කතර ගම මැනික් ගඟ ආශ්‍රිතව .මුලින් මේතන වෙන්නේ මොකද්ද කියලා කියන්න ඔනේ .ඔයාලා ඇලක දොලක කකුල් දාන් ඉන්නකොට පොඩි පොඩි මාලු අවිත් කකුල හපන්න ගන්න වා .මාලු ප්‍රමාණයෙන් කුඩා නිසා අපිට .ඒක දැනෙන්නේ කිති කැවීමක් විදියට .ඒකයි මම ඒකට කිස් තෙරපි කියන්නේ .ඇත්තට මේ ක්‍රමය වෛද්‍යවිද්‍යාත්මකව චිකිත්සා ක්‍රමයක් නැත්තං තෙරපි ක්‍රමයක් කියලා කියන්න පුලුවන් .මේක යම් විදියක ස්නායු ආබාද තව .රූප ලාවන්‍ය කටයුතු සඳහා භාවිතා වෙනවා කියලා තමයි ආරන්චි 

පොඩි පොඩි මාලු ගොඩක් ඇවිත් ඔවුන්ගේ හැපීමේදී අපේ පාදයේ සියුම් ස්නායු පවා උද්දීපනය කරනවා .මේ වගේ උත්දීපන වලින් ස්නායු ක්‍රියා කාරීත්වය වගේම මොලේ ක්‍රියා කාරීත්වය වැඩි වෙනවා .හෘද අභාධ වගේ විවිද රෝග වලටද මෙයින් බලපෑමක් කරන්න පුලුවන්  

නමුත් මෙය කරන්න ඔනේ සත්ව හින්සනයක් නොවෙන විදියට

උදාහරනයක් ගමු . අද spa නමින් තියෙන සම්භාහන මද්‍යාස්තාන හුඟක් ගණිකා මඩම් එකේ වෙන්නෙ යම් මිලකට  කාන්තාවක් පුද්ගලයෙකුට යම් වින්දනයක් දීමයි .නැත්තම් ඔහුගේ ස්නායු පිනවීම හෝ වෙනයම් දෙයක් පිනවීමයි .මෙය නීති විරෝදී වන අතර තෙරපිවරිය හා අයිති කරු යන හැමෝම වැරදි කරුවන් වෙයි (ඇග විකුනන්නේ ගැහැණුන් පමණක් නොවෙන බව මතක් කරමි )
මාදු ගඟ ආශ්‍රිතව මේ මසුන් කොටු ඇති කර පුද්ගලයෙකු ගෙන් 150 වැනි මුදලකට මේ ෆිශ් තෙරපි ලබා ගන්නට පුලුවනි .මම මේ මාලු කොටු දකින්නේත් පෙර කී spa ලෙසමය දෙකෙහිම වින්දනය විකුනයි .කුඩා මාලු පැටවුන් දිනකට පව්කාර මිනිසුන් 1000 ගේ පමන පයට පහස දෙයි .අයිති කරු පොහොසත් වෙයි  .

මාද මෙම මාලු කොටුවකට කකුල් දමාගෙන හිටියා .ඒත් පසුව කල්පනා කරද්දි තමයි තේරුනේ මේ මාලු මුලාවක්ට ලක් වෙලා දාන දාන කකුල කනවා කියලා 

මගේ යෝජනාව නම් .මෙය තවදුරටත් කරනවා නම් .යම් යම් සීමා වන්ට යටත්ව කරගෙන යන්න ඔනේ විදියට නීති සම්පාදනය කරන එක .  මිනිස්සු වෙන අපිට නීතියෙන් වෙන්නේ අසාධාරනය නිසා මේ සත්ත ලෝකයට සාධාරණය ඉටු වීම .හීනයක්ම තමයි 


Sunday, November 1, 2015

යටි සිත හා උඩු සිත

යටි සිත හා උඩු සිත 


සිත කියන්නේ මොකද්ද .....?
කියලා කියන දේ හරියටම තවමත් අපි දන්නේ නෑ ..විද්‍යාවේ තියෙන්නෙත් යම් යන් මත විතරයි . නමුත් බුදුදහමේ මෙය යම් තරමක් පෙන්නලා දීලා තියෙනවා .මේ සිත් විද්‍යාවට අල්ල ගන්න අමාරු ඒක අල්ලන්න බැරි ..නැත්තම් භෞතික දෙයක් නොවෙන නිසයි .හදවත කියලා හිතන් ඉන්නේ හිත් නෙවෙයි .හදවතෙන් හිතන්න බෑ ...කාටවත් හදවතින් අදරය කරුණාව දක්වන්න බෑ .. මේ ඔක්කෝම එන්නේ හිතට ...හැබැයි මොලයයි හිතයි අතර නම් යම් සම්බන්දයක් ඇති .. මොකද අපි අපේ පසිදුරන්ට දැනෙන දේ අදුර ගන්නේ මොලෙන් නිසා 


මේ හිත හරිම බයානකයි .මේ හිතින් මිනියක් මරන්න ,කෙල්ලෙක් දූෂනය කරන්න .කඩයක් කඩන්න ..දේවල් කරන්න පුලුවන් .සමහර වෙලාවට අපි අපේ අනාගතේ ගැන හීන දකින්නෙත් මේ හිතින්ම තමයි .

ඇත්තට හිතක් පේන්න නැතත් අපි කාටත් හිතක් තියෙනවා .ලෝකේ කරන්න අමාරුම දේවල් වලින් එකක් තමයි .එකිනෙකාගේ හිත් අවබෝධ කරගන්න එක ..ඒකට ප්‍රදාන හේතුවක් තමයි .අපිට හිත් දෙකක් තියෙන එක . මේ යටි හිත කියන්නේ අපි හිතන හැම දේම වගේ ඇති වෙන තැන .යටි හිතේ තමයි .අපේ ඔනෙම ආසාවක් වගේදේ යටි හිතේ තමයි තියෙන්නේ .සමහරෙක් ගේ යටි  හිත ඉතා කැත වෙන්න පුලුවන් ඒත්  ඔහු ඒ කිසිවක් නොපෙන්නා ඉතා හොද පුද්ගලයෙක් විදියට සමජයේ හැසිරෙන්න පුලුවන් .

සරල උදාහරනයක් ගමු .අපි ලස්සන ගෑණු ලමයෙක් දැක්ක .අපිට ඔන්න ඒ ගෑනු ලමයා ගැණ හිත ගියා .අපිට පුලුවන් ඇය දිහා ඔනේම විදියකට බලන්න .. අපි හිතමු ඇයට යටි සිතින් ආදරය කරමින් කිසිදා එය නොපෙන්න්වන අය ඉන්න පුලුවන් .සමහරෙක් යටි සිතින් ඇය හා යහන් ගත වෙන්නත් පුලුවන් .

නමුත් මේ යටි සිතේ නරක සියලු දේ ක්‍රියාවට නොනැගෙන්නේ මේ උඩු සිත නිසා .මේ උඩු හිතට යම් යම් සීමා දාලා තියෙනවා සමාජය .ආගම වගේ දේවල් වලින් 

ඔන්න දොස්තර මහත්තයෙකුයි ,මේසන් බාස් කෙනෙකුයි බස් එකෙ යනකොට කෙල්ලෙක් දකිනවා .මේ දෙන්නටම හිතෙන්න පුලුවන් මේ කෙල්ලට යමක් කරන්න (කකුල පාගනවා වගේ යමක් )
මෙතනින් මෙම ක්‍රියාව කිරීමට බොහෝදුරට ඉඩ ඇත්තේ මේසන් බාස් අතින් .මේකෙන් පේන්නේ .යටි සිතේ සිතුවිලි එලි වීමට අධ්‍යාපන මට්ටමත් තරමක් බලපානවා .

තවත් දෙයක් තමයි ..මේ ලොව සැම කෙනෙක්ගේම යටි සිත තුල ඇති දේ එලි දරව් කලොත් .. ස්ත්‍රී දූෂකයෙකු නොවන ...හොරෙකු නොවන ..කිසි මිනිසෙකු නොවනු ඇති ...ඔබ දන්නා පරිදි මෝහනය වගේ ක්‍රම මීට වඩා දියුනු වුවහොත් මෙය විය හැකී 

එම නිසා මේ නවීන විද්‍යාවට යටි සිත කියවන මැසිමක් හදන්න නොලැබේවායි පතමු