ඇණ බැලන්සින් අතුලු බැලන්ස් වැඩ
Sunday, November 29, 2015
ඇණ බැලන්සින් අතුලු බැලන්ස් වැඩ
Wednesday, November 11, 2015
මොලය හා නිවන
නිවන යන්න කුමක් දැයි අපි දන්නේ නැත .ඒ එය අපි අත් විඳ නොමැති නිසාය .එක ලබා ගත්තෙකු අපට කිසිඳා හමු වන්නේ ද නැත ..
2014 දී නිකුත් වූ lucy සිනාමා පටය දෙතුන් වතාවක් බැලුවම අපේ අගම ගැන යමක් හිතන්නට හිතුනා .මම මේ උත්සහ කරන්නේ බුදු දහම බටහිර විද්‍යාවට ලගු කරන්න නොවෙයි .සිනමා පටයේ පෙන්නනේ විද්‍යා ප්‍රබන්ධයක් මිස පරම සත්‍ය නොවේ .නමුත් සිතන්නට නම් බොහෝ දේ තිබෙනවා
මුලින් මේ සිනමා පටය ගැන යමක් කියමු .මෙහි ලුසි නම් තරුනියට වෙන අකරතැබ්බයක් නිසා මත් ද්‍රවයක් නිසා ස්න්යායු අදිකව උත්තේජනය වෙලා සීග්‍රයෙන් නියුරෝන අවදි වෙන්නට පටන් ගන්නවා .. මැය මෙය 100% මොලයේ ක්‍රියාකරීත්වය දක්වා ද්යුණු කරණවා .ඔබ මෙය හොදින් වටහා ගන්නට නම් නැරඹිය යුතුම වෙනවා සිංහල උප සිරැසිත් බයිස්කෝප් එකේ තියෙනවා .
මම මේකේ මොලයේ එකක් එක මට්ටමේ ක්‍රියා කාරීත්වය ගන්නම්
5%----------- සාමාන්‍යයෙන් බොහෝ සතුන් තම මොලයේ ධාරිතාවයෙන් බාවිතා කල හැකි ප්‍රමාණය
10-15%----------මෙය මිනිසාගේ සාමාන්‍ය තම මොලයේ ධාරිතාවයෙන් බාවිතා කල හැකි ප්‍රමාණය අපි මෙතෙක් දකින මේ විශ්ව කර්ම නිර්මාණය කලේ මොලෙයේ මේ තරම් අඩු ප්‍රතිශතයක් බාවිතා කරගෙන
20%----------ඩොල්පින් මාලුවට පූලුවන් මිනිසාට වැඩි ප්‍රමාණයෙන් මොලය බාවිතා කරන්න .ඩොල්පින් ට පුලුවන් තරංගසමග වැඩ කරන්න ..ඩොල්පින්ගේ මොලයට පුලුවන් අති ධ්වනි හදුනා ගන්න වගේම පිට කරන්න ..මේ මට්ටමේදී මිසෙකූට පුලුවන් තම ශරීර්යේ පාලනය තමන් අතට ගන්න
28%---------.වෙද්දි පුලුවන් කෙනෙක්ගේ හිත කියවන්න ..ඒ වගේම කිසි හැඟීමක් හෝ බැඳීමක් දැනෙනේ නෑ ..මූලික ශක්තීන් වෙන ආලෝකය .විද්‍යුත් තරංග ආදිය මනසින් (හෝ මොලයෙන් )පාලනය කල හැකි වෙනවා ...මේ මට්ට්ම ගණිතය විද්‍යාව සියල්ල අබිබවා යනවා
30%--------- මේ මට්ටමේදී යම් තැනක සිට යම් තැනක වෙන දේ බලන්නට පුලුවන් .ඒ වගේම .වෙනත් අයව පාලනය කරන්නට පුලුවන්
40%----------- භෞතික වස්තු පාලනය හැකි වෙනවා
50%----------- වෙන විට මෙතෙක් කල හැකි වූ සියල්ල ඉතා වේගයෙන් මෙන්ම වැඩි ප්‍රමාණයකින් කරන්න පුලුවන් වෙනවා
90%---------- මේ වන විට කාලය හරහා මනසට ගමන් කිරීමේ හැකියාව .. ක්ශනයෙන් ඔනේම තැන කට යාමේ හැකියාව ලැබෙනවා
100%--------- සම්පූර්නයෙන් ස්කන්දයක් නැතිවෙලා ශක්තියක් බවට හැරෙනවා මේ ශරීරය
මේ චිත්‍ර පටය ඉවර වෙනකොටම මට දැනුනේ නිවන හා මේ මොලයේ වෙන දියුනුව අතර යම් සම්බන්දයක් තියෙන බව .ගැඹුරින් බැලුවොත් බුදු දහමේ මනස යන්න ට තවමත් නිර්වචනයක් නොමැති නිසා මොලයේ දියුණුව මනසේ දියුනුවක් ලෙස අරගෙන තමයි මම මේ සිතුවිල්ල ඉදිලයි .
බෞද්ධ දර්ශණයට අනුව අපට යා හැකි උපරිමය තමයි නිවන් ලැබීම මේ නිවන යනු ..නැවත ඉපදීමක් නොමැති වීම .නැත්තං ආත්මයක් නොමෙති වීම ... සරලව හිතුවොත් මනසක් හා ශරීරයක් යන සීමා වලින් ඉවත් වෙලා .නිදහස් වීම .දැන් දන්න විද්‍යාවට අනුව ශක්තියක් බවට පත් වෙලා විශ්වයට නිකුත් වීම .
මේ අවස්තාව කෙනෙකුගේ මොල්යේ 100% ලෙස හිතන්න බැරිද ?. මේ සිනමා පටයේ ලුසී නිවන් දකිනවා කියන්න උත්සහ දරනවා නෙවෙයි .ඇය අවසානයේ ...ස්කන්දයෙන් හා මනසින් තොර ශක්තියක් බවට පත් වෙනවා ... මොලයේ යම් යම් මට්ටම් වලදී .පුබ්බේ නිවාණානුස්සති ,චුතුපපාතී ,ආසවඛ්‍ය වැනි තත්ව 90%-100% සංවර්ධිත මොලයකට ලැබෙනවා ... නිවන් මග කියන්නේ මොලේ නැත්තම හිතේ බාවිතා වන පරිමාව වැඩි කිරීමේ ප්‍රතිපලයක් කියලයි මගේ අදහස .
විද්‍යාවට හිත යන්න මොලෙන් වෙනකර හදුනා ගන්න අමාරු වෙලා තිබ්බට ..මොලේ කියන්නේ පරිගනකයක් නම් හිත කියන්නේ එම පරිගනක ය හරහා පිවිසෙන සයිබර් අවකාශයක් වෙන්න පුලුවන් නේද ?
මේ ගැන ඔබේ අදහසත් කියන්න
තාත්තලා හා පුතාලා
උගත් කම කියලා දෙයක් පටන් ගත්ත දවසේ ඉඳලා මේ රවුම යනවා ඔන්න ... හේන් ගොවිතැන් කරන තාත්තා එයාගේ පුතාට උගන්නනවා දුක් විඳ විඳ වේලක් ඇර වේලක් කාලා .ඔන්න පුතා කැම්පස් එහෙම ගිහින් ඉගෙන ගෙන උගත් පුතෙක් වෙනවා ..එයා ට දැන් අතමිට සරුයි ..එයාගේ පුතා දුක දන්නේ නෑ පුතා ගෙත් අතමිට සරුයි ..පුතා එච්චර ඉගෙන ගන්නේ නෑ .. වල බහිනවා ..දැන් මූ කෙල්ලෙක් සෙට් කරගෙන තාත්තගෙ සල්ලි ටික ඉවර වෙනකල් ෆන් අරන් පුතෙක් හදනවා ඒ පුතා මෝඩයි දුප්පත් තාත්තා වගේ එයට වෙනවා මහන්සි වෙලා එයගේ පුතාට උගන්නන්න ..
ඔන්න ඕකයි පිය පුතු චක්කරේ
Sunday, November 8, 2015
සිහින සාප්පුව
තිසා එව උතුරන්න ඔන්න මෙන්න තියෙද්දි
වැව් බැම්ම දිගේ යනකොට ලොකූ අලියෙක් අවා කොහෙන් ආවද හිතා ගන්න බෑ ඌ කැරකිලා මට ගහන්න හැදුවා විතරයි ඇහැරුනා
ඇහැරිලා බලද්දි මම පිට කොටුවේ බෝ ගහ ගාව අපොයි මෙන්න සෙනග දුවනවා
එහා පැත්ත හැරිලා බලන්න හැදුවා විතරයි පටාන් ගාල පිපිරුවා බෝම්බයක් ඒ එක්කම
ඇහැරුනා බලනකොට මම ඉන්නේ තායි ස්පා එකක කෙල්ලො දෙන්නේක් තෙල් වගේකුයි තුවයකුයි අරන් ආවා ...විතරයි දඩාං ගාලා පැන්නා පොලිසියෙන් මම ඩෝන් ගාලා පතබෑවුනා .ඇහැරිලා බලද්දි මම බීච් එකේ කෙල්ල එක්ක ..කෙල්ල කිව්වට මම එකිගෙන් ඇහුවා විතරයි ...ඒකි කිව්වා අයියේ අපි යාලුවෝ වගේ ඉමු කියලා .... මං ඉතින් කොකටත් බයෙන් බයෙන් කෙල්ලගෙ අතින් ඇල්ලුවා ඒකි දුන්නා මට කුඩ පාරක් .... අම්මේ ...සනීපේ
මට දැන් ලාවට අහෙනවා

"පස්ස පැත්තට ඉර පායනකල් බුදියනවා මූ ..මීට වඩා හොදයි ....#$$%%%."
එච්චරයි .....බලද්දි මම ඇහැරිලා
ඔන්න මම කඩි මුඩියේ ඇහැරිලා කරන්න ඔනේ ටික කරල පොත් මිටියක් අරන් දිව්වා ක්ලාස් එකට බස් එකෙන් බැහැලා පාර් පයින්න කියල හැරුනා විතරයි .අර හීනේ හිටපු කෙල්ල කුඩ්ඩෙක් ගේ බයික් එකේ යනවා බදාගෙන .. අම්මේ උන් දෙන්නාගේ අම්ම මතක් කරන් පැන්නා ඔන්න පාර ... අම්මට හුඩු ඩෝන් ගෑවා විතරයි මම බොඩිමේ ඇඳ උඩ ... මොන රෙද්දක්ද මේ හීනේ ඉවර වෙන්නේ නෑනේ .
මේ වගේ හීන කවුද බලලා තියෙන්නේ .සමහරු බලලා ඇති .. සමහරු බලලා නැතුව ඇති ...ඒත් මම හිතන විදියට අපි මේ ජිවත් වෙනවා කියලා කරන්නේ කෙනෙක් ගේ හරි පිරිසකගේ හීන ලෝකෙක ඉන්න එක තමයි කරන්නේ .ඒක නෙවෙයි කියල කෙනෙක් ට හිතෙන්න පුලුවන් ..ඒත් එයාට බෑ .තමා ඉන්න ලෝකේ හරියට අර්ත දක්වන්න ..
මේ විශ්වය ,ග්‍රහලෝක ,ඉර පවා කෙනෙක්ගේ සිතුවිලි වෙන්න පුලුවන් .. එම සිතුවිලි අයිති කෙනත් ඉන්නේ වෙන කෙනෙකුගේ හීනෙක වෙන්න පුලුවන් .. මෙහෙම අනන්ත හීන ගානක් එකතු වෙලා අපි එකිනාගේ හීන අස්සෙ ඉන්න නිසා .මේ භෞතික ලෝකය තනි සිතුවිල්ලක් වෙන්න පුලුවන් .....
මේ හීනෙන් මිදීම යන්න වෙන්න පුලුවන් බුදුන් වහන්සේ නිවන් දැකීම යනුවෙන් දේශනා කරන්න ඇත්තේ .. නමුත් බුදුන් වහන්සේත් සිහිනයක් වෙන්න පුලුවන් කියල කෙනෙක් කියන්නත් පුලුවන් .
මට මේ අදහස අවේ inception චිත්‍රපටය නැරඹු වට පස්සේ ..
පුලුවන් හැමොම ෆිල්ම් එක බලන්න .. ෆිල්ම් එක ගැන මා දන්න තරමින් පොඩ්ඩක් විස්තර කරන්නම් මේ ෆිල්ම් එක එක මොහොතක් හෝ මගහෙරුනොත් තේරුම් ගන්න අමාරුයි .. මෙහි ප්‍රදාන චරිතය ලියනාඩෝ ඩිකැප්රියෝ (ටයිටැනික් ෆිල්ම් එකේ ඉන්නේ ) cobb කියන චරිතේ තමයි . ඔහු ගේ රැකියාව කෙනෙක්ගේ මනසට හීන ඔස්සේ ගිහින් දත්ත හොරකම් කරන එක .. inception යන වචනයේ තේරුම මූලාරම්බය ..නැත්තම් කෙනෙක්ගේ යටි සිතේ අදහසක් රෝපනය කිරීම මොහු ඔහුගේ බිරිඳ සමඟ මෙය අත්හදා බලනවා .ඒකේ ප්‍රතිපලයක් ලෙස ඔහුට බිරිඳ අහිමි වෙනවා .ඇය ඔහුගේ හින වලට සීමා වෙනවා .. මේ සිද්දි අස්සෙ ඔහුට රාජකාරියක් පැවරෙනවා ව්‍යාපාරිකයෙකු ගේ යටි සිතෙහි යම්ක් රෝපණය කරන්න .මෙහිදී ඔවුන්ට හීන අතුලේ හීන දකින්න වෙනවා ..මේ පින්තූරේ තියෙන්නේ ඒ හීන කතාව නැත්තං හීන පිලිවෙල

මෙන්න මේ කාල රාමුවට අනුව පේනවා ඔවුන් එක හීනය අතුලේ හීන 4 තුල සැරිසරනවා ලිම්බො කියලා තියෙන්නේ හීන ලෝකේ අපි අතරමන් වෙන අවකාශය ...
මේසිනමා පටය බලලා ඔබට හිතෙනදේ කියන්න... ස්තුතියි
Thursday, November 5, 2015
පබ්ලික් ගයිස් vs ප්‍රයිවට් ගයිස්
දැන් දැන් පෞද්ගලික විශ්ව විද්‍යාල හා රජයේ විශ්ව විද්‍යාල අතර පොඩි පොඩි කෝන්තර මතුවෙමින් තිබේ . ඉතා හුඟ කාලයක සිට පෞද්ගලික විශ්වවිද්‍යාල තිබුනද .වැඩි කතාබහක් අවේ saitem විශ්වවිද්‍යාලය වෛද්‍ය උපාදිය පිරිනැමීම ආරම්භ කිරීමත් සමගයි .
ඊට පෙර එතරම් කතා බහක් තිබුනේ නෑ මේ ගැන . මෙ දවස් වල යම් යම් දේශපාලනික පසුබිම් ඇති කන්ඩායම් කියන යම් යම් දේ නිසා . දෙපාර්ශවයේම මිතුරන් දැන් දැන් පොඩි පොඩි වාග් ප්‍රහාර කරගන්නවා
අමුතු සයන්ස් අපේ මතය නම් .පෞද්ගලික හෝ රජයේ කුමන වර්ගයේ විශ්ව විද්‍යාල වැඩි වැඩියියෙන් ලංකාව තුල බිහිවිය යුතු බවයි .. හැකිතාක් තාක්ශණ හා කාර්මික අධ්‍යාපන අයතන වැඩිවෙන තරමට අපේ රට දියුනු වෙනු නොඅනුමානය .
විශ්ව විද්‍යාලයෙන් ඉවත් වු පසු තම ගමන් මග තීරණය කරන්නේ තම දක්ශතාව මිස ඉගෙන ගත්තේ රජයෙන්ද පෞද්ගලික වද යන්න නොවේ
රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් තමා දක්ශතාව හා තම විශ්ව විද්‍යාලය ගැන විශ්වාසය තිබේ නම් බිය විය යුතු නැත
මෙසේ කෑ කෝ ගෑසීමෙන් ඔබ ..අපට පෙනෙනේ ඉහත අකාරයේ කටුස්සාට බය හස්තියෙකු ලෙසය
Wednesday, November 4, 2015
වඳ වාහේ සමග පවුල් කෑම
ලංකාවත් ආසයි වෙන රටවල් වගේ පට්ට රටක් වෙන්න ... පට්ට වැඩ කරන්න ..පට්ට තාක්ශනයක් හදාගන්න .පට්ට වෙන්න ..
කවදා එහෙම වෙන්නද මේ පට්ට ගොන් දේස පාලුවෝ එක්ක ...
ලංකාව මේ ගෙවන්නේ වඳ වහේත් එක්ක පවුල් කනවා වගේ වැඩක් කියලා කියන්නේ ඒකයි .
කවදා එහෙම වෙන්නද මේ පට්ට ගොන් දේස පාලුවෝ එක්ක ...
ලංකාව මේ ගෙවන්නේ වඳ වහේත් එක්ක පවුල් කනවා වගේ වැඩක් කියලා කියන්නේ ඒකයි .
රටක් දියුනු වෙන්නේ ඒ රටේ යමක් නිෂ්පාදනය කරනවානම් පමණයි . අපි වැඩි පුර සයන්ස් පැත්තෙන් කතා කරන නිසා . පොයින්ට් එකටම කියන්න ඔනේ . අපේ රටේ අලුත් දෙයක් කරන්නට හෝ රට සංවර්දනය කරන්නට කොයි රජයටවත් නොහැක. ඔවුන් හැමදාමත් ප්‍රදාන ප්‍රශ්න කරගන්නේ එකම ප්රශ්නය
හැට ගනන් වල සිට අද වෙනතුරු ජනවාර්ගික ප්රශ්නය ,ගොවිතැනේ ප්‍රශ්න ,ජල ප්‍රශ්න ,ආ දී කිසිදු ප්‍රශ්නයක් මෙතෙක් විසඳා නෑ .කවදාවත් විසඳන්නටත් බෑ .හැමදාමත් පුටු මාරු කරමින් .පරණ තුවාල පාරමින් ඉන්න එක විතරයි කරන්නේ
මොවුන් කවදාවත් මේ රට නිශ්පාදන ආර්තිකයක් කරා නම් ගෙනියන්නේ නෑ
ඉතින් මේකට විසදුම මේ දේසපාලුවො ඔක්කොම මරලා දාන්න ඔනේ .. නැත්තන් මුන් පත්කරන ජනතාවට එරෙහිව විස්වාස භංගයක් ගෙනල්ලා .දැන් ඉන්න ජනතාව අස් කරලා අලුතින් ජනතාවක් පත් කරගන්න ඔනේ .
ඒක කරන තාක් මේ ගොන් දේස පලුවන් සමග රට ගෙන යාම
වඳ වාහේ සමග පවුල් කෑමක් ම තමයි
Monday, November 2, 2015
කිස් තෙරපි
ඔන්න මේක කියවන්න කලින් මේ විඩියෝව බලන්න කට්ටිය .
මේ දර්ෂන පසුබිම් වෙන්නේ මාඳු ගඟ හා කතර ගම මැනික් ගඟ ආශ්‍රිතව .මුලින් මේතන වෙන්නේ මොකද්ද කියලා කියන්න ඔනේ .ඔයාලා ඇලක දොලක කකුල් දාන් ඉන්නකොට පොඩි පොඩි මාලු අවිත් කකුල හපන්න ගන්න වා .මාලු ප්‍රමාණයෙන් කුඩා නිසා අපිට .ඒක දැනෙන්නේ කිති කැවීමක් විදියට .ඒකයි මම ඒකට කිස් තෙරපි කියන්නේ .ඇත්තට මේ ක්‍රමය වෛද්‍යවිද්‍යාත්මකව චිකිත්සා ක්‍රමයක් නැත්තං තෙරපි ක්‍රමයක් කියලා කියන්න පුලුවන් .මේක යම් විදියක ස්නායු ආබාද තව .රූප ලාවන්‍ය කටයුතු සඳහා භාවිතා වෙනවා කියලා තමයි ආරන්චි
පොඩි පොඩි මාලු ගොඩක් ඇවිත් ඔවුන්ගේ හැපීමේදී අපේ පාදයේ සියුම් ස්නායු පවා උද්දීපනය කරනවා .මේ වගේ උත්දීපන වලින් ස්නායු ක්‍රියා කාරීත්වය වගේම මොලේ ක්‍රියා කාරීත්වය වැඩි වෙනවා .හෘද අභාධ වගේ විවිද රෝග වලටද මෙයින් බලපෑමක් කරන්න පුලුවන්
නමුත් මෙය කරන්න ඔනේ සත්ව හින්සනයක් නොවෙන විදියට
උදාහරනයක් ගමු . අද spa නමින් තියෙන සම්භාහන මද්යාස්තාන හුඟක් ගණිකා මඩම් එකේ වෙන්නෙ යම් මිලකට කාන්තාවක් පුද්ගලයෙකුට යම් වින්දනයක් දීමයි .නැත්තම් ඔහුගේ ස්නායු පිනවීම හෝ වෙනයම් දෙයක් පිනවීමයි .මෙය නීති විරෝදී වන අතර තෙරපිවරිය හා අයිති කරු යන හැමෝම වැරදි කරුවන් වෙයි (ඇග විකුනන්නේ ගැහැණුන් පමණක් නොවෙන බව මතක් කරමි )
මාදු ගඟ ආශ්‍රිතව මේ මසුන් කොටු ඇති කර පුද්ගලයෙකු ගෙන් 150 වැනි මුදලකට මේ ෆිශ් තෙරපි ලබා ගන්නට පුලුවනි .මම මේ මාලු කොටු දකින්නේත් පෙර කී spa ලෙසමය දෙකෙහිම වින්දනය විකුනයි .කුඩා මාලු පැටවුන් දිනකට පව්කාර මිනිසුන් 1000 ගේ පමන පයට පහස දෙයි .අයිති කරු පොහොසත් වෙයි .
මාද මෙම මාලු කොටුවකට කකුල් දමාගෙන හිටියා .ඒත් පසුව කල්පනා කරද්දි තමයි තේරුනේ මේ මාලු මුලාවක්ට ලක් වෙලා දාන දාන කකුල කනවා කියලා
මගේ යෝජනාව නම් .මෙය තවදුරටත් කරනවා නම් .යම් යම් සීමා වන්ට යටත්ව කරගෙන යන්න ඔනේ විදියට නීති සම්පාදනය කරන එක . මිනිස්සු වෙන අපිට නීතියෙන් වෙන්නේ අසාධාරනය නිසා මේ සත්ත ලෝකයට සාධාරණය ඉටු වීම .හීනයක්ම තමයි
Sunday, November 1, 2015
යටි සිත හා උඩු සිත
යටි සිත හා උඩු සිත
සිත කියන්නේ මොකද්ද .....?
කියලා කියන දේ හරියටම තවමත් අපි දන්නේ නෑ ..විද්‍යාවේ තියෙන්නෙත් යම් යන් මත විතරයි . නමුත් බුදුදහමේ මෙය යම් තරමක් පෙන්නලා දීලා තියෙනවා .මේ සිත් විද්‍යාවට අල්ල ගන්න අමාරු ඒක අල්ලන්න බැරි ..නැත්තම් භෞතික දෙයක් නොවෙන නිසයි .හදවත කියලා හිතන් ඉන්නේ හිත් නෙවෙයි .හදවතෙන් හිතන්න බෑ ...කාටවත් හදවතින් අදරය කරුණාව දක්වන්න බෑ .. මේ ඔක්කෝම එන්නේ හිතට ...හැබැයි මොලයයි හිතයි අතර නම් යම් සම්බන්දයක් ඇති .. මොකද අපි අපේ පසිදුරන්ට දැනෙන දේ අදුර ගන්නේ මොලෙන් නිසා
මේ හිත හරිම බයානකයි .මේ හිතින් මිනියක් මරන්න ,කෙල්ලෙක් දූෂනය කරන්න .කඩයක් කඩන්න ..දේවල් කරන්න පුලුවන් .සමහර වෙලාවට අපි අපේ අනාගතේ ගැන හීන දකින්නෙත් මේ හිතින්ම තමයි .
ඇත්තට හිතක් පේන්න නැතත් අපි කාටත් හිතක් තියෙනවා .ලෝකේ කරන්න අමාරුම දේවල් වලින් එකක් තමයි .එකිනෙකාගේ හිත් අවබෝධ කරගන්න එක ..ඒකට ප්‍රදාන හේතුවක් තමයි .අපිට හිත් දෙකක් තියෙන එක . මේ යටි හිත කියන්නේ අපි හිතන හැම දේම වගේ ඇති වෙන තැන .යටි හිතේ තමයි .අපේ ඔනෙම ආසාවක් වගේදේ යටි හිතේ තමයි තියෙන්නේ .සමහරෙක් ගේ යටි හිත ඉතා කැත වෙන්න පුලුවන් ඒත් ඔහු ඒ කිසිවක් නොපෙන්නා ඉතා හොද පුද්ගලයෙක් විදියට සමජයේ හැසිරෙන්න පුලුවන් .
සරල උදාහරනයක් ගමු .අපි ලස්සන ගෑණු ලමයෙක් දැක්ක .අපිට ඔන්න ඒ ගෑනු ලමයා ගැණ හිත ගියා .අපිට පුලුවන් ඇය දිහා ඔනේම විදියකට බලන්න .. අපි හිතමු ඇයට යටි සිතින් ආදරය කරමින් කිසිදා එය නොපෙන්න්වන අය ඉන්න පුලුවන් .සමහරෙක් යටි සිතින් ඇය හා යහන් ගත වෙන්නත් පුලුවන් .
නමුත් මේ යටි සිතේ නරක සියලු දේ ක්‍රියාවට නොනැගෙන්නේ මේ උඩු සිත නිසා .මේ උඩු හිතට යම් යම් සීමා දාලා තියෙනවා සමාජය .ආගම වගේ දේවල් වලින්
ඔන්න දොස්තර මහත්තයෙකුයි ,මේසන් බාස් කෙනෙකුයි බස් එකෙ යනකොට කෙල්ලෙක් දකිනවා .මේ දෙන්නටම හිතෙන්න පුලුවන් මේ කෙල්ලට යමක් කරන්න (කකුල පාගනවා වගේ යමක් )
මෙතනින් මෙම ක්‍රියාව කිරීමට බොහෝදුරට ඉඩ ඇත්තේ මේසන් බාස් අතින් .මේකෙන් පේන්නේ .යටි සිතේ සිතුවිලි එලි වීමට අධ්‍යාපන මට්ටමත් තරමක් බලපානවා .
තවත් දෙයක් තමයි ..මේ ලොව සැම කෙනෙක්ගේම යටි සිත තුල ඇති දේ එලි දරව් කලොත් .. ස්ත්‍රී දූෂකයෙකු නොවන ...හොරෙකු නොවන ..කිසි මිනිසෙකු නොවනු ඇති ...ඔබ දන්නා පරිදි මෝහනය වගේ ක්‍රම මීට වඩා දියුනු වුවහොත් මෙය විය හැකී
එම නිසා මේ නවීන විද්‍යාවට යටි සිත කියවන මැසිමක් හදන්න නොලැබේවායි පතමු
Saturday, October 31, 2015
මකනෙන් මැකීම
මකනය ,මැත්තං මක්කේ කියල පොඩි කාලේ ඉඳන් කරේ වරදින වරදින පාරට මේකෙන් මක මක හිටපු එක .කොච්චර නෑ කිව්වත් එක පාරක් මැකුවත් එක්ක සිතුවමට වෙන හානියක් ...
අපි ජීවත් වෙන්නේ මේ කාලය හා අවකාෂය අතුලේ නිසා අපිට මේ කාලයේ හා අවකාශයේ හැසිරීම නම් පාලනය කරන්න අමාරුයි. කාල තරණය .වගේ කරන්න ඉතින් සාමන්‍ය අපට බෑ නේ . සාමන්‍ය නෙවෙයි කාටත් එක කරන්න බෑ ..
ඒක නිසා කවදාවත් කාලය ආපසු හරවන්න බෑ ..ඒක නිසා අපේ ජීවිතේ කරන හොඳ වගේම නරක දේ වල් අමතක කලත් ඒවායේ බල පෑම නම් කවදවත් මකන්න බෑ ..කියන්නේ ඉතින් කවදාවත් වරදට නම් යන්න එපා ..කැත වෙන්නේ ඔබේ ජීතයම තමයි
Tuesday, October 27, 2015
Ancient Tricks of Farming in Sri lanka
රාවණා යුගයේ සිට මෑත අතීතය දක්වා ලංකාවේ තිබුන ඉතා දියිණු තත්වෙක තිබුනා කියලා අමුතු වෙන් කියන්න ඔනේ නෑනේ ..
මේ තවමත් නූතන විද්‍යාවට විසදුම් දෙන්න බැරි උන නමුත් තාමත් ගොවිතැනට තවමත් ගැටලුවක් වෙලා තියෙන ප්‍රශ්න වලට උත්තර අතීතයේ හෙලයන් දීල තියෙනවා
එදා හෙල රජ වරුන්ගේ කාලේ අද වගේ වැඩි දියුනු කල වී වර්ග ,බීජ වර්ග තිබුනේ නෑ . අද වගේ ගොවි ජන මධ්‍යස්ථාන තිබුනේ නෑ .ඒ වගේම වල් නාශක ,කෘමි නාශක ,වගේ දේවල් තිබුනෙත් නෑ .නමුත් එදා හිටපු පොඩි ජනගහනය අදට වඩා වැඩි කුඹුරු ප්‍රමාණයක් අස්වද්දලා තියෙනවා ,අදට වඩා වැඩි අස්වැන්නක් අරගෙන වැඩි අස්වැන්නක් පිට රටට ආනයනය කරලා තියෙනවා .එදා පොහොර කියලා වෙනම දේවල් තිබ්බේ නෑ .මැස්සොන්ට ගහන්න තෙල් තිබ්බෙ නෑ .හැබැයි අද ඒ ඔක්කොම තිබිලත් සම්හරුන්ගේ වගා පාලු වෙනවා .
නමුත් එදත් තිබුන අදත් තියෙන ප්‍රශ්න තමයි වල් ඌරු තර්ජන ,දලු කන මුවෝ ,ඉත්තෑවෝ ,කුරුල්ලෝ ,ගැඩවිල්ලු වගේ අපේ වගාවන් හානි කරන සත්තු .මෙ වගේ ප්‍රශ්න වලට තාම නවීන විද්‍යාවෙන් උත්තර දීලා නෑ .යම් යම් උත්තර තිබ්බත් එවා ප්‍රායෝගික නෑ
ඒත් මේ හැම ප්‍රශ්නෙකටම හෙල ගොවිතැනේ විසදුම් තියෙනවා . මේ ක්‍රම හෙල ජෝතීර් විද්‍යාව හා නැකැත් සාස්ත්‍රය බවිතයෙන් තමයි වෙන්නේ . ඒක කරන විදිය බලන්න මේ විඩියෝ එකෙන් ...

Sunday, October 25, 2015
උඩ බලාගෙන කෙල ගැසීම
උඩ බලාගෙන කෙල ගැසීම
උඩ බලාගෙන කෙල ගහන්න ..මොකඳ වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ .දන්නේ නැති කරලා බලන්න .. ඇත්තටම මේ "උඩ බලාගෙන කෙල ගහන්න එපා " කියන මේ ප්‍රකාෂය ඈත අතීතයේ සිට ආප්තෝපදේෂයක් විදියට බාවිතා වෙනවා .. මේ පැරණි කියමන තුල , යමක් ඉහලට විසි කලොත් බිමට වැටෙන බව පැරැන්නන් දන්නා බව පේනවා නේද .. මේ කතාව අමුවෙන්ම''උඩ පැන්නොත් බිම වැටේ '
කියන කියමනෙත් තියෙනවා .
එහෙනම් මේකෙන් තේරෙනවා පොලොව දෙසට යම් ආකර්ශනයක් තියෙන බව ලෝකේ නිව්ටන් ට කලින් හිටපු පැරැන්නෝ සොයාගෙන දැනගෙන ඉඳලා තියෙනවා කියලා .ඒත් ඔවුන්ට හැකි වෙලා නෑ ..මේ සිද්දියට යම් ගණිතමය වටිනා කමක් දෙන්න .ඒ වගේම ගුරුත්වාකර්ශනය කියන්නේ පොලව දෙසට යමක් ඇදගන්න එකට නෙවෙයි .. ඔනේම ස්කන්ධ දෙකක් එකිනෙකාට ආකර්ශණය කරගන්නවා ,, මිනිසුන් මිනිසුන් ආකර්ශනය කරගන්නවා ..ඒත් පෘතුවියේ ස්කන්ධය ඉහල නිසා තමයි එයගේ ආකර්ශනේ ප්‍රබල ල දැනෙන්නේ .
කොහොම උනත් උඩ බලගෙන කෙල ගහගන්නේ නැතුව ඉන්න කියලා තමා නිවුටන් මහත්තයත් කියලා තියෙන්නේ
Saturday, October 24, 2015
ටෙක්නෝ 2015
ටෙක්නෝ 2015 ඉංජිනේරුමය ප්‍රදර්ශනයේ හිත ගිය තැන්
Saturday, October 17, 2015
Fire Tricks -ගිනි කෙලියා ....ගින්දර පිබින විදිය
මෙන්න මගේ අලුත් විඩීයෝ එකෙන් කරලා පෙන්නන යන්නේ .ගින්දර පිඹින විදිය .
මේකේ ගින්දර විදින්න ක්‍රම කීපයක් කරලා පෙන්නනව
එකේන් ඔබ දන්නා කාරනා 2ක් තමයි මුලින් දීලා තියෙන්නේ
- දුම්මල බාවිතා කරලා කරන විදිය බහුලව බලි තොවිල් සාන්ති කර්ම වල පාවිච්චි කරනවා . මේකේ වෙන්නේ ගිනි දැල්ලට ක්ෂණික එල්ල කරන දුම්මල කුඩු පහර ගිනි ගන්න නිසා .ගිනී ජාලාවක් වගේ පේන නිසා .තමයි ගිනි විදිනවා වගේ පේන්නේ
- දෙවෙනියට කරන ක්‍රමේ දී අපි කරන්නේ සුවද විලවුන් හෝ මෝර්ටීන් මදුරු නාෂක බෝතලයක් උනත් බාවිතා කරන්න පුලුවන් .එකේ වෙන්නේ ඒ දියර වල තියෙන මද්‍යසාර ගිනි ගන්න එකයි
- මේ අවස්තාවේ අපි කටින් ගිනි පිඹින්න උත්සහා කලා .මම කලේ තිරිඟු පිටි කටින් පිඹින එක .එකෙත් උනේ පිටි ගිනි ගන්න එක .මේ කට ඉතින් කටේ තියන් ඉන්න පුලුවන් නම් බූමිතෙල් පෙට්‍රල් .හෝ මධ්‍යසාර උනත් බාවිතා කරන්න පුලුවන්
මීට වඩා ඔබ දන්න ක්‍රම තියෙනවා නම් කියන්නකෝ
Tuesday, October 13, 2015
නයින්ටීන් සිස්ටි ෆෝ ... 1964...............මහනුවරදී
මෙන්න නයින්ටීන් සිසිටි ෆෝ වල මහනුවර බීච් එකේ වෙච්ච දෙයක්
නයින්ටීන් සිසිටී පෝ යනුවෙන් රුප පෙට්ටියක ඉහල පැලැන්තියේ කෙල්ලෙකු කියනවා දැක්කේ නැද්ද . ඒ මදිවට කොල්ලෙක් අගනුවර මහනුවර කියලා කියාපි ..අවංකව ඒ කෙල්ලයි කොල්ලයි කවදා කවදාහරි කාව හරි කාසාඳ බෙඳලා ලමයෙක් හම්බ උනොත් ඒ ලමයා කොහොම වෙයිද ?
කොහොම හදයි ද?. මේ වගේ දේවල දිහා රසවින්දනාත්මකව බලනව්වාට වඩා මෙහි ජාතික ගැටලුවක පෙර නිමිති පෙනවා නේද ? .වෙනත් ජාතියක ට වඩා අපි සංස්කෘතිය ගැන කතා කලද ඉතිහාසය හා සංස්කෘතිය ගැන දන්නේ අතලොස්සකි කියල අමුටුවෙන් කියන්න ඔනේ නෑනේ .
බොහෝ විට අද පරපුරේ ජනප්‍රිය උන් මෙවන් ගොන් පරපුරක් වීමට හේතුව අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වත් .දේෂපාලනයත් නොවේ .
එසේ නම් හේතුව මොකද්ද ..අපි ඒක සනුද්රි ප්‍රියසාද් ගෙන් පටන් ගනිමු .ඇය ජනප්‍රිය වන්නේ ඇගේ පියා නිසා උරුම වූ පදනම නිසාය .ඇයගේ පියා විකට චිත්‍රපට අධ්යක්ශ වරයෙකි .ඇය විහිලු කරියක් වීම ඇගේ ජම්ම ගතිය විය හැක .
නමුත් මේ තරම් කාලා කටයුතු වල නොයෙදුනු ඇය වැනි මෝඩියක් මෙතරම් ජනප්‍රිය වීමට තම පිය උරුමය ප්‍රමානවත් යැයි මට නොසිතේ
ඇය ජනප්‍රිය වීමට හේතු වූවා යයි මම සිතන කාරනා මම එකින් එක පෙලගස්සනම් පහලින්
- ඇයගේ සුන්දරත්වය : ඇය පැහැපත් ය . පොශ් පෙනුමක් ඇත
- ඇයගේ පියා : ඇයගේ ප්‍රකට චිත්‍ර පට කරුවෙකි
- සෝසල් මීඩියා : ඇය සෝසල් මීඩියා තුල කල විකාර
- tv: බඩ ගෝස්තර වාදීන් විසින් ඇය උලුප්පා තැබීම
මෙන්න මේ හේතු ටික තමයි සරලව මට පේන්නේ නමුත් මෙහි ප්‍රදානම වරදකරුවන් සෝසල් මීඩියා බාවිතා කරන මෝඩයින්(සෝසල් මීඩියා එන අය අතරින් මෝඩ පිරිස පමනි ) හා හා ලාංකීය රූපවාහිනී නාලිකා
වන්ය . ප්‍රදානම දේ අද රූපවාහිනී තුල නිවේදනය .ටෙලි නාට්‍ය සදහා බාවිතා කරන්නේ පොත්ත සුදු කුමාරයින් හා කුමාරිකාවන් ය . ඔබ සොයා බලන්න යොවුන් සම්මාන උලෙල වලදී හොඳම නලුවා නිලිය රූපවාහිනියේ දකින්නට නැත .නිවේදනය කරන්නේ ද .නිලියන් ය .
සෑම නාලිකාවක වගේම යන මෙගා චාටර් කාතා .කොච්චර විහිලුද කියා මුලු ලෝකයම දනී. නමුත් මාධ්‍ය නාලිකා එවා වෙනස් නොකරන්නේ .ලංකාවේ මාධ්‍ය නාලිකා වල ඉලක්ක ගත පිරිස ලාංකීය බහුතර විචාර බුද්ධියෙන් තොර කාන්තාවන් පිරිමින් නිසාය .එවැනි උන්ට සාපේක්ෂව ශනුද්‍රි වැනි එකියන් උගත් කෙල්ලන් ය .
ශනුද්‍රි යනු ලාංකීය සිංහල බහුතරය නියෝජනය කරන එක චරිතයක් පමණක් බව ඔබ වටහා ගත යුතුය .
මෙයට ප්‍රදාන හේතුවක් ලෙස ලාංකීය උගත් පවුල් වලින් බිහිවන්නේ ලමුන් දෙන්නෙකි නැත්තම් තුන් දෙනෙකි .නමුත් නූගත් පවුල් වලින් ලමුන් හතර පහ බිහිවෙති .ඒ හේතුව නිසා ලාංකීය මෝඩ ප්‍රතිශතය එන්න එන්න ම වැඩි වී ඇත .
එය වෙනස් කිරීමට මා යෝජනා කීපයක් කරන්නට කැමතිය
- ලාංකිය මාධ්‍යට වාරන කොට විද්වත් තේරිම් කමිටුවකින් සමත් වන ටෙලිනාට්‍ය විකාෂය කල යුතුය
- නලුවන් නිලියන් වීමට ඒ පිලිබඳ හෑදෑරීම අනිවාර්ය කල යුතුය
- රාත්‍රී 6-10 දක්වා සියලු නාලිකා වල අධ්‍යපන වැඩසටහන් විකාෂය කල යුතුය .....
- ....
- .
- .විවාහයේදී යුවලේ දැනුම පරීක්ශා කොට හදන ලමුන් ගනන වාරනය කල යුතුය (සාමන්‍ය දැනුමක් වත් තිබේ නම් නම් ලමුන් වැඩි පුර සැදීමට දිරි දිය යුතුය )
මෙන්න මේ යෝජනා ඔබටත් ඇති .නමුත් ඒවා කිසිදා නොවන බවඳ මම දනිමි .
මෙවන් නූගත් කලා මාධ්‍ය පරපුරක් සමග ලංකාවා කිසිදා දියුනු රටක් කරනූ දහවල් දකින හීනයකි
(මා ඉහත මෝඩ අය යයි අදහස් කරන්නේ .තම රට ජාතිය ගැන පවා කිසි අවබෝධයක් නැති පිරිස හඟවන්නට පමනි )
Monday, October 12, 2015
රසේ දැනුනා ජීවිතේ ...........
ඔබට සතුටක් දැනුනද ? සතුටක් දුකින් වෙන් කර හදුනා ගැනීමට නම් ඔබට දුක දෑනී තිබිය යුතුය .ඔබට දුක හඳුනා ගැනීමට සතුට දැනී තිබිය යුතුය .මෙන්න මේ වගේ මේ ලෝකයේ හෑම දෙයකම විරුද්ද දෙයක් තියෙනවා
ඔබට මෙය තේරුම් ගන්නට පහසු නොවන්නටත් පුලුවන් නමුත් මාත් එක්කම හිතලා බලමු . ඔබ සතුටින් සිටීමට උත්සාහ කරන්නේ ඔබ දුකෙහි කටුකත්වය දන්නා නිසාය .
ඔබ මුදල් උපයා ධනවත් වන්නට උත්සහ කරන්නේ ඔබ ඔබ දුප්පත් කම දන්නා නිසාය.
මෙය සමාජීය කාරනා වලට පමණක් නොව විද්‍යාව ගණිතය හා බුදු දහමටද අදාලය
මම මේ මතු කරණ අදහස බුදු දහම තුල මීට වසර 2500 පෙර සදහන් වී ඇති බව ඔබත් මමත් දන්නා දෙයකි.
අටලෝ දහම වගේ අපි කවුරුත් දන්නා කාරණා තුල වගේම හේතු ඵල දහම තුල ත් මේ කාරණා ඉතා ගැඹුරින් සාකච්ඡාවට භාජනය වෙනවා ..
අපි දන්න පැත්තට හැරුනොත් විද්‍යාවේ ධන ආරෝපණ යන්න වටහා ගන්නට රින ආරෝපනය යන්න තිබිය යුතුය .එකට හේතුය ආරෝපන අන්නට ලකුනක් යොදන්නේ එකකට සාපේක්ශව නිසාය .
එන්න ඒ විදියට බැලුවොත් ගණිතය තුල ධණ සංඛ්‍යා පවතින්න නම් රිණ සංඛ්‍යා යන්නක් තිබිය යුතුය ..
අවකනය නැත්තනම් අනුකලනයද නැත .එකතු කිරීම නැත්තම් අඩු කිරීමද නැත
මෙන්න මෙහෙම හිතුවොත් ඔබට තේරේවි දැනට ඔබ වැදගත් යයි සලකන දේවල් ඔබට වැදගත් යයි හිතන්නේ අනෙක් දේවල් වැදගත් නොවන නිසාය .මේක තේරුම් ගන්න උදාහරණ කීපයක් බලමු ගනිමු .
ඔබ ඔබේ පෙම්වතෙකු නම් ,
ඔබ ඔබේ පෙම්වතිය කොන්ඩේ දිගට වවනාවාට අතිශය කැමති වන්නේ නම් .ඔබ ඇය කොන්ඩය කොටට කපනවාට අකමැති විය යුතුය .
තවත් උදාහරණයක් ගත්තොත්
සිල් රකින මිනිසුන් පිරිසක් සලකන්න .ඔවුන් කිසිවිටෙක සිල් පද නොකඩනවා යයි සැලකුවොත් .ඔවුන් තුල වැරදි කරන පුද්ගලයන් නැද්ද .ඉන්නවා නමුත් ඒ වැරදි කරන අය . සිල් නොරකින මීනිසුන් ඉන්නා තැනකට ගියයොත් ඔහු එතන හොඳම මිනිසා බවට පත් වෙයි .
ඔන්න ඔය වගේ හැම දෙයක්ම ගත්තොත් කතා කරන්න වෙන්නේ .වෙන දෙයකට සාපේක්ශව ..
කෙනෙක් හොඳද නැද්ද තීරනය කල යුත්තේ යමෙක් හෝ පිරිසක් ඔහු හා සසඳා ය .අපිට ඔහු හොඳ අයෙක් යයි කිව නොහැක .අපට කිව හැක්කේ ඔවුන්ට හෝ ඔහුට වඩා ඔහු හොඳයි ලෙසය
ලස්සනද එලෙසය .අපට ලස්සන ද කිව හැක්කේ සාපේක්ශවය .
ඉතින් මෙලොව තිත්ත නම් රසයක් නොතිබුනා නම් .පැනි රස යන්න ට කිසි තැනක් නොඑනු නැත .කැත නොතිබෙන්නට ලස්සන යන්න නොපවතිනු ඇත ..
මගේ වීඩියෝ බලන්න :
visit my youtube:
https://www.youtube.com/channel/UCbR-AfaoO15i7BmXe80PQHw
https://www.youtube.com/channel/UCbR-AfaoO15i7BmXe80PQHw
Sunday, October 11, 2015
කාන්දම් ද්‍රවය - made in sri Lanka
ටෙක්නෝ 2015 ප්‍රදර්ශනයේ දී මොරටුව විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨ සිසුන් ඉදිරි පත් කරන ලද කාන්දම් ද්‍රවය. මෙය මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන ඉංජිනේරු අංශය මගින් කරනු ලැබූ නිර්මාණයක්
මෙහිදී මෙම යම් මාධ්‍යක් තුල චුම්බක ගුණ සහිත ද්‍රවය එක් කොට මෙය නිමවා ඇති බව පෙනෙනවා . එයා විවිද යාන්ත්‍රික කොටස් වලදැනට තිබෙන යම් යම් දෝෂයන්ට විසඳුම් සපයනු ඇති
මීට වටා යමක් දන්නේ නම් comment කරදැනුවත් කරන්න
බයිසිකලේ ....බයිසිකලේ..... දුප්පත් අපගේ .....බයිසිකලේ
මෙදා පාර ඔන්න කලා හිත අරන් යන විඩියෝ එකක් ... එක දවසක් දා රූං ගාලා හිත අරන් යන ටීවී ඇඩ් එක දැකලා ඇති නේද .... එකේ හිත අරන් යන්නේ බයික් එක මිසක් අල්ලු අර්ජුන් නේවේ ...ඒ කියන්නේ ඉන්දියාවේ කෙල්ලෝ මොටර් බයික් ගැන උනන්දුයි කියන එක නෙවෙයි ...ඉන්දීය සමාජයේ තීයෙන ජරාජීර්ණ බව තම ස්වාමි පුරුශයා දමා යන්න තරම් ......මොනවද මම මේ කියන්නේ .බයිසිකලේ ගැන කියන්න ගිහින් ඉන්දියාවේ කෙල්ලෝ ගැන කියන්නේ ...
ඔන්න ඉතින් බයිසිකලේ ... කතාව ..කාටවත් ඉතින් බයිසිකලේ කොටස් ගැන කියන්න ඔනේ නෑනේ
ඒත් බලාගන්නකෝ දැන් කවුද පුස් බයික් පදින්නේ ..හැමෝම ඩියෝ නෙ පදින්නේ
ඉස්සර ප්‍රේම කතා වල කොල්ල බලන්න කෙල්ල එන්නෙ පුශ් බයික් එකේ . දැන් ලොකු වියාපාරිකයෝ වෙලා ඉන්න ගොඩක් අය පටන් ගත්ත වාහනය මේ පුශ් බයිසිකලේ . මීට අවුරුදු ගානකට කලින් අපි ..අපේ කොල්ලෝ කෙල්ලෝ ස්කොලේ ගියේ පුශ් බයිසිකලේ.. දැන් ගොඩක් දේවල් වෙනස් ..ඉස්සර උපන් දිනේට
ශිෂ්‍යත්ව පාස් උනාම ඉල්ලුවේ බයිසිකලයක් ..ඒත් දැන් ඉල්ලන්නෙ ලැප් එකක් ,කොම්පුටර් එකක් ,ස්මාර්ට් පෝන් එකක් ..මේවගේ දේවල් අස්සෙ තාමත් බයිසිකල් පදින රත්තරන් කොල්ලො කෙල්ලො ඉන්න බව කියන්නත් ඔනේ ..
මේ බයික් පැදීම අඩු වීම ලමා පරපුරේ ශරීර සුවතාවයත් අබියෝග කරලා තියෙනවා .
මෙන්න රූපේ තියෙනවා වගේ මවුන්ටන් බයික් ලංකාවේ රුපියල් පනස් දාහකට වගේ කිට්ටු වෙනවා
ඉතින් ඒකේන් පේන්නේ බයිසිකලේ පස්සට ගිහිල්ලා නෑ කියලා .
මුලින්ම රෝදය සොයාගත්තා කියලා ලෝකය පිලිගන්නේ මෙසපොතේමියානු ශිෂ්ටාරයේ කියලයි .නමුත් ආසියාව තුලත් රෝදය ඇතුලු වාහන සම්බන්දව සම්බවයක් තියෙන්න පුලුවන් නමුත් ඒවා යටපත් වෙලා තියෙන්නේ .සහතික නොකල ඉතිහාසය තුල මුල්ම බයිසිකලේ කටුසටහන හා අදහස ලියනාඩෝ ඩාවින්සි ගේ ගෝලයෙක් වෙන (1493 ) Gian Giacomo Caprotti නමුත් ලියනාඩෝ ඩාවින්සිගේ නිමැවුම් වගේම මෙය ත් කටු සටහනකට සීමා උනා .
මේ වගේ කාලේ ගතවෙලා ප්‍රායෝගික වගේම සාර්තක බයිසිකලය නිර්මාණය උනේ 1817 දී ජර්මානු ජාතික Baron Karl von Drais, විසිනි .නමුත් රුසියානු විද්‍යා පොත් වල මෙය වෙනස් විදියට වාර්තාවෙනවා .. ඔවුන් කියන්නේ මුල් සයිකලය රුසියාවේ ආරම්භ වූ වගක් . නමුත් ලෝකයේ පා පැදිය ,යතුරු පැදිය ,ස්කූටර ,කාර් රථය ,ත්‍රී රෝද රථය සම්භවය සපයලා තියන්නේ ඉතාලිය ,ප්‍රංශය,හා ජර්මනිය කියන රටවල් තමයි පිලිගන්නේ මුල්ම නිර්මාපකයෝ විදියට .ඉහත කී මුල්ම පා පැදිය පේටන්ට් බලපත්‍ර ගැනීමෙන් පසු මුල් පාපැදිය velocipede, නමින් හඳුන්වනු ලැබුවා .
ඔන්න ඔය විදියට ආරම්බ උන පා පැදිය අද දක්වා එක එක රටවල් යටතේ දියුනු වෙමින් ඉතා ඉහල මට්ටමකට පැමින තියෙනවා
තවත් විස්තර බලන්න :
කොමෙන්ටුවක් දාලාම යන්නකෝ
මගේ වීඩියෝ බලන්න :
visit my youtube:
https://www.youtube.com/channel/UCbR-AfaoO15i7BmXe80PQHw
https://www.youtube.com/channel/UCbR-AfaoO15i7BmXe80PQHw
Thursday, October 8, 2015
ස්ටේටස් හා ලොකු කම .....
අපි ජීවත් වෙන්න ඔනේ අපි ආස විදියට
ඒත් ගොඩාක් අය තමන්ගේ ආස ජිවිතේ හොයාගන්නේ නෑ .කරන්නේ තමන් කරන ජොබ් එක විදියට ඉන්න එක . දොස්තරලා ඔවා කරන එක හරි නෑ ..ගුරුවරියක් වෙලා කොල්ල එක්ක බීච් යන එක හරිද ..ඔන්න ඔය වගේ මිනිස්සු අපිව කොටු කරලාතියෙනවා
.
.
.
.
ඒත් එහෙම කොටු වෙන එක හරි . කොටු කරන එක හරි නිවැරදි නෑ .
අපි ඉගෙන ගන්නේ .රස්සාවල් කරන්නේ ..විවාහ වෙන්නේ මේ හැම දෙයක්ම .
වගේ අතර අපේ හීන ඉටු කරගන්න තරඟේ දුවද්දිත් ..අපි එකම දෙයයි කරලා තියෙන්නේ
ඒ කාපු එකයි හුස්ම ගත්තු එකයි විතරයි
සරලව කිව්වොත් අපි කරන්නේ ජිවත් වෙන එක .
අපි ජිවත් වෙන්නෙ කන්න නෙවේ ..අපි කන්නෙ ජිවත් වෙන්නෙ කියල දන්න ඔබ ඇයි
ජොබ් කරන්න ජිවත් වෙන්නේ .
ජිවත් වෙන්න ජොබ් කරන්නේ නැතුව
මගේ වීඩියෝ බලන්න :
visit my youtube:
https://www.youtube.com/channel/UCbR-AfaoO15i7BmXe80PQHw
https://www.youtube.com/channel/UCbR-AfaoO15i7BmXe80PQHw
පෙම් වතියයි .................බලු කූක්කයි හා වේ නම් එක වෙලා
ඔබ වඩාත්ම අදරේ කාටද ... පෙම්වතියට නැත්තම් බිරිඳට ...නැත්තම් ගෙදර හදන බලු කුක්කටද ??
නිසැකව ඔබ ආදරය කරන්නේ පෙම් වතියටය ..නැත්තම් බිරිඳටයි ... ඒක මිනිස්
ස්වබාවය .නැත්තම් මිනිස් පලපුරුද්ද ...නැත්තම් උරුමය .කොටිම්ම් කියනවා නම් සංස්කෘතිය .
අපි හැම දෙයක්ම කරන්නෙ පලපුරුද්දෙන් .අපි අම්මා ට අම්මා කියන්නේ පෙර දරුවන් ද අම්මාට අම්මා කියා ඇති නිසා මිසක අම්මා හැදින්වෙන නම අම්මා නිසාම නොවේ .එසේ නම් අප උපදින විටම පෙර පරම්පරාවේ පුරුදු දේ කරන පිරිසකකි (pre-programmed robots)
අන්න ඒ වගේ අපි ආදරය කියන හැගීමත් පෙර පුරුද්දක් .. ඔබ ඔබේ බිරිඳිට ආදරෙයි .දරුවන්ට ආදරෙයි ..එත් අනෙක් මිනිස්සුන්ට .සතා සීපාවන්ට ..ගහ කොලට ආදරේ කරන්නේ නෑ ..සංස්කෘතිය විසින් ආදරය එකිනෙකාට වෙනස් විදියට දක්වන්න පුරුදු කරල තියෙනවා .
ඒත් ගහ කොල සාතා සීපාවා තුල මෙය වෙනස් ... මිනිසා මෙන් නෙවි ඔවුන් තුල ආදරය බෙදා දීමේ යම් සාදාරන බාවයක් තියෙනවා .. ඔවුන්ගේ ආදරය විෂේෂයෙන් සතුන් අපට ආදරය දක්වනේ
ගොඩාක් වෙලාවට කල ගුන සැලකීමක් වශයෙන් .එය සුලු සුලු දේ වලට වෙනස් වෙන්නෙ නෑ
ඒක බලන්න හොඳ පරීක්ශනයක් තමයි මේ
එක සමාන කාමරයක් ගන්න එකම තත්ව යටතේ ඔබේ බිරිඳ කාමරේක දාලා දොර වහාලා තියන්න .පැය දෙකක් පමන දොර ඇරපු ගමන් ඇය ඔබව නොමරා මරනු ඇත . නමුත්
ඔබේ සුරතල් බලු කුක්කා එලෙසම පැයක් පමන දොර වසා සිට ඇරිය විට
බලු පැටියා ආදරයෙන් එනු ඔබ වෙත එනු ඇත .
වෙන මොන කතාද ?
visit my youtube:
https://www.youtube.com/channel/UCbR-AfaoO15i7BmXe80PQHw
https://www.youtube.com/channel/UCbR-AfaoO15i7BmXe80PQHw
follow me:
https://twitter.com/sulochana_ucm
https://twitter.com/sulochana_ucm
Wednesday, October 7, 2015
මල මුහුදයි ඔයයි මමයි ............................................
මේක කියෙව්වම සමහරු කැමති වෙයි .සමහරුන්ට නහුතෙට තද වෙයි ...... පිස්සුවෙන් ලව් කරන බට්ටන්ට නෙවෙයි .ලව් කරලා නා ගත්ත උන් නම් ඉතින් මේක දන්නවා ඇති ...
අපි අද කතා කරන්නේ මේ ගිලීම ගැන ... තරල කියල හඳුන්වන ජාති දෙකක් තියෙනවා එකක් ද්‍රව අනෙක වායු .වායු ගෝලයේ නම් අපි ගිලිල ඉන්නේ ...වායුගෝලේ පාවෙන්න නම් ඉතින් ටිකක් අමරුයි .එත් ඉතින් ගංජා සුරුට්ටුවක් .. කුඩු පොඩ්ඩක් ගහල උරලා සූර් උනා නම් ඉතින් මේ ඉන්න වායු ගෝලෙත් පාවෙන්න පුලුවන්
ඉතින් ද්‍රවයක හෝ වායුවක පාවෙන්න ඔනේ නම් ඔයාලගේ බර ට සමාන බලයක් තරලය මගින් ඉහලට බලයක් යෙදෙන්න ඔනේ ... සාමාන්‍යයෙන් ඒ ඇති වෙන බලය අපි නිසා අවකාසයේ තරලයට අහිමි වෙන ඉඩ නැත්තම් පරිමවට සමාන තරල පරිමාවක බරට සමාන වෙනවා ඒ බලේ අපේ බරට වඩා වැඩි නම් හරි සමාන නම් හරි අපිට පාවෙන්න පුලුවන් ..හැබැයි පිහිනීමේදී වෙන්නේ වෙන දෙයක් ...
ඉතින් මම කිව්වා වගේ මල මුහුදට පැන්නොත් මොකද වෙන්නේ ..අපි කවුරුත් දන්නවා මල මුහුදේ ගිලෙන්නේ නැති විත්තිය .. එකට හේතුව තමයි එකේ අදික ලුනු දියවෙලා තියෙන නිසා ඇතිවෙච්ච අදික ඝනත්වය .එක නිසා අපි ගිලෙන කොට අපිට ජලයෙන් ඉහලට දැනෙන බලය මල මුහුදෙදි වැඩී
ඉතින් මේ අදරය මේකට ගලපන්නෙ කොහොමද ..සමහරු ආදරක් පටන් ගන්නේ එකෙන් කිසි කරදරක් වෙන එකක් නෑ කියලනේ .ඒත් කිසි අවුලක් නැතුව යහතින් ආදර කතා ඉවර වෙන්නේ කීයෙන් කී දෙනාගෙද ? ඉතින් අමාරුවේ වැටෙනාවා කියා නොදැන අමාරුවේ වැටෙන සිද්දිය
මල මුහුදට පනින්න ගිහින් පැසිෆික් සාගරයට වැටෙනවා වගේ නෙවෙයිද?
visit my youtube:
https://www.youtube.com/channel/UCbR-AfaoO15i7BmXe80PQHw
https://www.youtube.com/channel/UCbR-AfaoO15i7BmXe80PQHw
follow me:https://twitter.com/sulochana_ucm
Monday, October 5, 2015
The Marriage( හිරයක් )-- ඇඹුල් අඹයක ඇසින්
විවාහය හරියට ඇඹුල් අඹයක් වගේ ඇඹුල් ආඹේ කන එකාට එය තරම් අමිහිරි වෙන දෙයක් නා ..ඒත් බලන් ඉන්න එකාට කටට කෙල උරනවා ....
ඔන්න සමහරු කරගන්න ඉන්න ..සමහරු ගලවගන්න බැරුව ඉන්න ....විවාහය ගැන ලිව්වා ....
කොල්ලෝ කෙල්ලෝ වැඩි වියට පත් වෙනකොට එක එක හීන මවනව පවුල් වෙන්න ....බදින්න ඔනේ නැති වයසේ බදින්න තමයි ට්‍රයි කරන්නෙ ..ඉවසගෙන ඉන්න බැරි අය ඉතින් සිනමා ශාලා වල ..හෝටල් කාමර..
බීච් එකේ තමයි සමහරුන්ගේ පවුල නැත්තං හිරේ පටන් ගන්නේ ...
මෙවට හේතු නම් ගොඩක් තියේ සමහර ඒවා වැදගත් විදියට කියන්නත් බෑ ...නොකියත් බෑ ....ලොකුම දෙයක් තමයි ඉවසීමක් නැති කම ..තව නව යොවුන් ආකර්ශනය වැරදි ලෙස තේරුම් ගැනීම ...
ඉතින් මේ කොල්ලො කෙල්ලෝ බැඳපු ජෝඩු දිහා බලන්නේ අමු අඹය කන එකා දිහා කෑල්ලක් දෙනකල් බලන් ඉන්න ...එවුන් වගේ කන එකා තමයි දන්නේ අමු අඹේ රඟේ ....
ඉතින් පොඩි කාලේ පැනල යන කෙල්ලො හිතන් යන්නේ මේ අනන්තයෙන් ආ තරු කුමරත් එක්ක යනවාකියලා ..එත් ගියාම තමයි තේරෙන්නේ ..අනන්තයෙන් නෙවෙයි අපායෙන් අපු එකෙක් කියලා ...මේ හැඟීම පිරීමියටත් දැනෙනවා ..ගැහැනියටත් දැනෙනවා ....
මිනිසා අනෙක් සතුන්ට වඩා දියුනු වෙලා .තරමක් ස්වභාව දර්මයේ රටාවන් වෙනස් කරගෙන .තිරිසන් ගති ...දුරු කරගෙන .... ඉන්න ඉන්න නිසා තමයි මිනිසාගේ මනස උසස් කියලා සලකන්නේ ...එත් මේ කසාදේ ...සහා ඒ ආශ්රිත ක්‍රියා වලදි මිනිසා මනසින් පහත් වෙනවා ....
මර්ෆි කියල කෙනෙක් කියලතියෙනවා ... බෞතික විද්‍යාව රසායන විද්‍යාවට පරදින තැන තියෙන්නේ ආදරය කියලා ... බෞතික විද්‍යාවයි ... රසායන විද්‍යාවයි තමයි ..ජීව විද්‍යාව ටත් බල පාන්නේ ..මේ මූලික විද්‍යාවන්ට හරි හැටි කියාගන්න බැරි දේවල් තමයි මේ මනස ඒ වගේම ..හැඟීම් කියන්නේ .....මොනවද කියන ..එක...
.
එක් නිසා ඔබටත් කියන්න තියෙන්නේ හැමදෙයක් නිසි කල නිසි ලෙස කලාම කිසි ලෙස අවුලක් නෑ

comment එකක් දාලා ඔබේ අදහස කියලම යන්න
Friday, October 2, 2015
gini gedi dennam.. gama awulannam- ගම අවුලන්නම්
ගිනි ගෙඩි දෙන්න හැමෝටම බෑනේ ... ඒකටත් අවුරුදු ගානක පල පුරුද්ද ඔනේ .
ඔන්න අලුත් විදියකට ගිනි අවුලුවන විදියක් ..... උත්සහ කරල බලන්න
අද මම ගෙනල්ල තියෙන්නෙ ගිනි පෙට්ට්ටියක් ලයිටරයක් නැතුව ගිනි අවුල වන්න පුලුවන්
මම මේක අහුලා ගත්තේ ඩිස්කවරි චැනල් එකේ සර්වයිවල් වැඩ සටහනකින් .මේ ක්‍රමයෙන් ඔනේ තෙත පෘsශ්ටයක .තෙත තත්වයක ගිනි අවුලවන්න පුලුවන්.නිකක් නෙවෙ ප්‍රබල ගින්නක්
මෙතන වෙන්නේ ග්ලසරින් නිසා ඇතිවෙන තාපය මගින් කොන්ඩිස් වියොජනය වෙල ඔක්සිජන් පිට කරනු ලබනවා ...ඔක්සිජන් කියන්නෙ දහන පෝශී වායුවක් නිසා ..ගින්න හොහොඳින් ඇවිලෙනවා
සුජී ලා .... හා චාමරගේ යාලුවන්ට ලියමි
මේ දිනවල සොසල් මීඩියාවේ තරු වී තියෙන්නෙ ඔසානි සන්දීපා ගේ ලොකු ලයින් හා යුරේනි අක්කගේ යට ඇදුම සහ සුජී ගේ ගෑණිගේ ඇසබ් වදන් හා චාමර ගේ යාලුවන්ගේ ගෑණුන්ට පෙන්නන චංඩි කම්ය
ඇත්තටම මේ සිද්දී මාලාව දකින්න පුලුවන් ....විදි ගොඩාක් තියෙනවා ...අපි ඔශානී හා යුරේනී මේ කතාවෙන් බැහැර කරමු ...ඊට හේතුව ඔවුන් සෝසල් මීඩියා පාවිච්චි කරන්නේ එයාලගේ වෘත්තිමය දෙවල් වලට පමණයි ..(යුරේණි යට ඇදුම පෙනෙන ලෙස සැරසී සිටීම ඇයගේ වෘත්තියට අදාල දැයි නොදනිමි )
එතකොට සුජී ...හා චාමරගේ මිතුරන්ගේ සිද්දි දෙකම හේතු මූලයන් එක සමානය ....නමුත් සුජී වීඩියෝවේ සෑබෑ වැරදි කරු සුජී වුවද මුල් නෙත ගැතීමේදීම (first impression) අපි පිලිකුල් ලෙස දකින්නේ විදේශ රටක සිට අසැබි වදන් කියන කාන්තාව වෙතටයි .. නමුත් චාමර්ගේ මිතුරනේ වීඩියෝයේ කෙලින්ම පිරිමියාට ඇගිල්ල දිගු කර හැක ...
තවත් දෙයක් වන්නේ සුජී ..සුජී ගේ නෝනා ... චාමරගේ මිතුරන් හා ගුටි කෑ තරුනිය ...සියල්ල තම ජීවිතේ වරද්දා ගෙන ඇති බව පෙනේ ..(නිසි අධ්‍යපනය නොලැබීම ඇතුලු අන් හැම අතින්ම )
නමුත් මේ හැම එකකටම ප්‍රදාන හේතුව මත් පැන් හා මත් ද්‍රව්‍ය බාවිතයයි
..
මතින්තොර ලොවක මෙවන් අමන වැඩ නොවනු ඇත...... තවත් දෙයක් නම් ජනතාවගේ කුනු රසය උද්දීපනය කරන්නට ... මෙවැනි විඩියෝ උඩුඩත කරන කොටත් පොඩ්ඩක් හිතන්න ඔනේ ..

වරදවා සිතන්න එපා .... දෙයියෝ තමයි කිව්වේ ....
වරදවා සිතන්න එපා .... දෙයියෝ තමයි කිව්වේ .....
මම සාස්තරයක් අහන්න කියල නිවාඩු දවසක ගියා දේවාලෙට
එදා දෙවියෝ නිවාඩුලු .. දෙවියෝ බාර් එක පැත්තේ ගිහින් කියලයි කපුවා කිව්වෙ ඉතින් මාත් ගියා .... මටත් සුපුරුදු තැනනේ ඉතින් ... දැම්ම දෙයියෝ එක්ක කයියක් ... මම ඇහුවා ඉතින් මොකෝ දෙයියෝ මනුස්ස ලොකේ ජොබ් එක කරන්නේ මොකො කියලා ..දෙයිය කිව්වෙ ගැනූ ප්‍රශ්නයක් කියලා .. ඉතින් මාත් ඇහුවා මොකෝ කෙල්ලෝ ලොකු දෙයියෝ හැදුවේ කියලා .... දීපු උත්තරේ තමා ඔය පහල තියෙන්නේ .... මේක බොරු නම් දෙයියන්ට කියන්න
මම සාස්තරයක් අහන්න කියල නිවාඩු දවසක ගියා දේවාලෙට
එදා දෙවියෝ නිවාඩුලු .. දෙවියෝ බාර් එක පැත්තේ ගිහින් කියලයි කපුවා කිව්වෙ ඉතින් මාත් ගියා .... මටත් සුපුරුදු තැනනේ ඉතින් ... දැම්ම දෙයියෝ එක්ක කයියක් ... මම ඇහුවා ඉතින් මොකෝ දෙයියෝ මනුස්ස ලොකේ ජොබ් එක කරන්නේ මොකො කියලා ..දෙයිය කිව්වෙ ගැනූ ප්‍රශ්නයක් කියලා .. ඉතින් මාත් ඇහුවා මොකෝ කෙල්ලෝ ලොකු දෙයියෝ හැදුවේ කියලා .... දීපු උත්තරේ තමා ඔය පහල තියෙන්නේ .... මේක බොරු නම් දෙයියන්ට කියන්න
visit my youtube:
https://www.youtube.com/channel/UCbR-AfaoO15i7BmXe80PQHw
https://www.youtube.com/channel/UCbR-AfaoO15i7BmXe80PQHw
follow me:https://twitter.com/sulochana_ucm
Wednesday, September 30, 2015
අද ලෝක වැඩිහිටි දිනය ,ළමා දිනය ,ලෝක ජනාවාස දිනය
අද ලෝක වැඩිහිටි දිනය ,ළමා දිනය ,ලෝක ජනාවාස දිනය
අද ළමයින්ගේ දවසක් පමණක් නොවේ අද ලෝක වැඩිහිටි දිනය ඒ වගේම ජනාවාස දිනය
ඉතින් අද දවස ගැන කට්ටිය දැනගෙන ඉන්න එක හොඳයි ...
ඔක්තොබර් 01 ලමා දිනය සමරද්දි .වැඩිහිටි නිවාස වල ඉන්න අපේ අම්මල ගැනත් බැලුවොත් මොකද..එයලට තියෙන්නේ ත් මේ වැඩිහිටි දිනේ විතරයි .මොකද එයාලට වැඩිහිටි නිවාස දිනයක් තියෙනවද ?
Monday, September 28, 2015
මෙන්න යථාර්තය
මෙන්න යථාර්තය
මේක හයේ පන්තියේ දෙන පොඩි ගානක් .මිනිස් පැය ගනන් බලලා තමයි අපි මේක හැදුවේ.. පිරිමි තුනක් දවස් 2ක් වැඩ කලාම මිනිස් පැය 6 යි ... මිනිස්සු 6 ක් කරන්නේත් ඒ වැඩේම නිසා .. දේකේම මිනිස් පැය ගනන් සමාන වෙන්න ඔනේ ...එක තමයි මිනිස්සු 6කට එක දවසින් කරන්න පුලුවන් ....
හබැයි ගෑනූ ඉන්නගාන වැඩි වෙනකොට ගතවෙන කාලේ වැඩි වෙනව කියල තමයි අපේ හයේ පන්තියේ සර් කියල දුන්නේ ...ඇයි කියලා නම් අහන්න එපා
Friday, September 25, 2015
Whiten your face- ඔබේ මූණ සුදු කරගන්න .ලප කැලැල් ඉවත් කර ගන්න
ඔබේ මූණ සුදු කරගන්න .ලප කැලැල් ඉවත් කර ගන්න . දේශීයව නිශ්පාදනය කරන ලද ගෙන්දගම් ආලේපය ... ලොල් කෝටියයි ඕයි .... ගා ගන්න සුදු වෙන්න .
Wednesday, September 23, 2015
TATA vs Layland .ඇයි TATA මෙච්චර පිකප්
බස් ,වාහන ගැන දන්නා අපේ යාලුවො කතා වෙන දෙයක් තමයි ටාටා බස් මාර පික්අප් කියලා ..හැබැයි එහෙම වෙන්න හේතුව හොයලා බැලුවද
මෙහෙමයි ඒක ගැන කතා කරන්න කලින් අපි මේ බස් හදන ප්‍රධාන සමාගම් ගැන පොඩ්ඩක් දැන ගමු
ලංකා අශෝක් ලේලන්ඩ්
මේක වර්තමානයේ ඉංදීය සමාගමක් උනාට මේ layland කියන්නේ
Lancashire Steam Motor Company නමින් 1896 පටන් ගත්ත බ්‍රිතන්‍ය වාහන සමාගමක් 1907 තමයි ලේලන්ඩ් කියන නම වැටුනේ .විටෙක බ්‍රිතාන්‍ය රජයටද පසුව volvo සමගමටද මේ සමාගම අයිති උනා
ඊට පස්සේ තමයි මේක ඉංදියානු සමාගමක් වෙලා එක එක රටවල් වල අවශ්‍යතා අනුව බස් නිශ්පාදනය කරන්නේ .ලංකාවෙත් ලංකා අශෝක් ලේලන්ඩ් නමින් ලංකාවට ඔබින ලෙස බස් එකලස් කරමින් සිටිනවා
ටාටා
ටාටා කියන්නේ ජපානයට ටොයොටා වගේ ඉන්දියාවේත් විවිද පැති වලින් ව්‍යපාර කරන සමාගමක් මේ සමාගමත් ලංකාවේ dimo අයතනය මගින් ටාටා නිශ්පාදන ලංකාවට ඔබින මූහුනු හුරකින් නම් (ඩීමෝ බට්ටා ඩීමෝ බට්ටි )කර එකලස් කර විකිනීමේ කාර්ය යේදී සිටිනවා
දැන් අපි දන්නේවනේ ප්‍රදාන සංනාම දෙක ගැන සරලව
අපි කතා කර කර සිටියේ පිකප් එක ගැන ටාටා ඇත්තටම පිකප් තමයි .ඒකට හේතුව ලේලන්ඩ් හා ටාටා වාහන වල භාවිතා වෙන්නෙ එන්ජින් වර්ග දෙකක්
ටාටා එන්ජිම -cummins
ටාටා බර වාහන වල බාවිතා වෙන්නේ cummins නම් ඇමෙරිකානු සමාගමක් නිශ්පාදනය කරන එන්ජින්
ලේලන්ඩ් එන්ජිම -Hino
hino කියන්නේ ටොයොටා සමගමේ truck නිශ්පාදන සමාගමයි .. ලේලන්ඩ් බස් රත වල hino power ලෙස ගහල තියෙන්නේ මේ නිසයි
දැන් තේරෙනවද පිකප් වැඩි වෙන්න හේතුව cummins හා hino අතරින් තමයි හොයගන්න ඔනේ ..සාමාන්‍යයෙන් බස් රත වලට සපයන එංජින් සමානයි
නමුත් cummins එන්ජිමේ compression ratio හා bore stroke එකයි hino එන්ජිමට වඩා වැඩි .තවත් දෙයක් තමයි ගියර පෙට්ටිය තමයි සමස්තය තීරනය කරන්නේ ...
ඔබේ අදහස් comment තීරුවෙන් දක්වන්න
Subscribe to:
Posts (Atom)