-අමුතු සයන්ස්-:

Saturday, October 31, 2015

මකනෙන් මැකීම



මකනය ,මැත්තං මක්කේ කියල පොඩි කාලේ ඉඳන් කරේ වරදින වරදින පාරට මේකෙන් මක මක හිටපු එක .කොච්චර නෑ කිව්වත් එක පාරක් මැකුවත් එක්ක සිතුවමට වෙන හානියක් ... 

අපි ජීවත් වෙන්නේ මේ කාලය හා අවකාෂය අතුලේ නිසා අපිට මේ කාලයේ හා  අවකාශයේ හැසිරීම නම් පාලනය කරන්න අමාරුයි. කාල තරණය .වගේ කරන්න ඉතින් සාමන්‍ය අපට බෑ නේ . සාමන්‍ය නෙවෙයි කාටත් එක කරන්න බෑ ..
ඒක නිසා කවදාවත් කාලය ආපසු හරවන්න බෑ ..ඒක නිසා අපේ ජීවිතේ කරන හොඳ වගේම නරක දේ වල් අමතක කලත් ඒවායේ බල පෑම නම් කවදවත් මකන්න බෑ ..කියන්නේ ඉතින් කවදාවත් වරදට නම් යන්න එපා ..කැත වෙන්නේ ඔබේ ජීතයම තමයි 

Tuesday, October 27, 2015

Ancient Tricks of Farming in Sri lanka





රාවණා යුගයේ සිට මෑත අතීතය දක්වා ලංකාවේ තිබුන ඉතා දියිණු තත්වෙක තිබුනා කියලා අමුතු වෙන් කියන්න ඔනේ නෑනේ ..
මේ තවමත් නූතන විද්‍යාවට විසදුම් දෙන්න බැරි උන නමුත් තාමත් ගොවිතැනට තවමත් ගැටලුවක් වෙලා තියෙන ප්‍රශ්න වලට උත්තර අතීතයේ හෙලයන් දීල තියෙනවා
එදා හෙල රජ වරුන්ගේ කාලේ අද වගේ වැඩි දියුනු කල වී වර්ග ,බීජ වර්ග තිබුනේ  නෑ . අද වගේ ගොවි ජන මධ්‍යස්ථාන තිබුනේ නෑ .ඒ වගේම වල් නාශක ,කෘමි නාශක ,වගේ දේවල් තිබුනෙත් නෑ .නමුත් එදා හිටපු පොඩි ජනගහනය අදට වඩා වැඩි කුඹුරු ප්‍රමාණයක් අස්වද්දලා තියෙනවා ,අදට වඩා වැඩි අස්වැන්නක් අරගෙන වැඩි අස්වැන්නක් පිට රටට ආනයනය කරලා තියෙනවා .එදා  පොහොර කියලා වෙනම දේවල් තිබ්බේ නෑ .මැස්සොන්ට ගහන්න  තෙල් තිබ්බෙ නෑ .හැබැයි අද ඒ ඔක්කොම තිබිලත් සම්හරුන්ගේ වගා පාලු වෙනවා .
නමුත් එදත් තිබුන අදත් තියෙන ප්‍රශ්න තමයි වල් ඌරු තර්ජන ,දලු කන මුවෝ ,ඉත්තෑවෝ ,කුරුල්ලෝ ,ගැඩවිල්ලු වගේ අපේ වගාවන් හානි කරන සත්තු .මෙ වගේ ප්‍රශ්න වලට තාම නවීන විද්‍යාවෙන් උත්තර දීලා නෑ .යම් යම් උත්තර තිබ්බත් එවා ප්‍රායෝගික නෑ
ඒත් මේ හැම ප්‍රශ්නෙකටම හෙල ගොවිතැනේ විසදුම් තියෙනවා . මේ ක්‍රම හෙල ජෝතීර් විද්‍යාව හා නැකැත් සාස්ත්‍රය බවිතයෙන් තමයි වෙන්නේ . ඒක කරන විදිය බලන්න මේ විඩියෝ එකෙන් ...

Sunday, October 25, 2015

උඩ බලාගෙන කෙල ගැසීම

උඩ බලාගෙන කෙල ගැසීම 


උඩ බලාගෙන කෙල ගහන්න ..මොකඳ වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ .දන්නේ නැති කරලා බලන්න .. ඇත්තටම මේ "උඩ බලාගෙන කෙල ගහන්න එපා " කියන මේ ප්‍රකාෂය ඈත අතීතයේ සිට ආප්තෝපදේෂයක් විදියට බාවිතා වෙනවා .. මේ පැරණි කියමන තුල , යමක් ඉහලට විසි කලොත් බිමට වැටෙන බව පැරැන්නන් දන්නා බව පේනවා නේද .. මේ කතාව අමුවෙන්ම''උඩ පැන්නොත් බිම වැටේ '
කියන කියමනෙත් තියෙනවා .

එහෙනම් මේකෙන් තේරෙනවා පොලොව දෙසට යම් ආකර්ශනයක් තියෙන බව ලෝකේ නිව්ටන් ට කලින් හිටපු පැරැන්නෝ සොයාගෙන දැනගෙන ඉඳලා තියෙනවා කියලා .ඒත් ඔවුන්ට හැකි වෙලා නෑ ..මේ සිද්දියට යම් ගණිතමය වටිනා කමක් දෙන්න .ඒ වගේම  ගුරුත්වාකර්ශනය කියන්නේ පොලව දෙසට යමක් ඇදගන්න එකට නෙවෙයි .. ඔනේම ස්කන්ධ දෙකක්  එකිනෙකාට ආකර්ශණය කරගන්නවා ,, මිනිසුන් මිනිසුන් ආකර්ශනය කරගන්නවා ..ඒත් පෘතුවියේ ස්කන්ධය ඉහල නිසා තමයි එයගේ ආකර්ශනේ ප්‍රබල ල දැනෙන්නේ .

කොහොම උනත් උඩ බලගෙන කෙල ගහගන්නේ නැතුව ඉන්න කියලා තමා නිවුටන් මහත්තයත් කියලා තියෙන්නේ 

Saturday, October 24, 2015

ටෙක්නෝ 2015

ටෙක්නෝ 2015 ඉංජිනේරුමය ප්‍රදර්ශනයේ හිත ගිය තැන්
  

Saturday, October 17, 2015

Fire Tricks -ගිනි කෙලියා ....ගින්දර පිබින විදිය


මෙන්න මගේ අලුත් විඩීයෝ එකෙන් කරලා පෙන්නන යන්නේ .ගින්දර පිඹින විදිය .

මේකේ ගින්දර විදින්න ක්‍රම කීපයක් කරලා පෙන්නනව 
එකේන් ඔබ දන්නා කාරනා 2ක් තමයි මුලින් දීලා තියෙන්නේ 

  1. දුම්මල බාවිතා කරලා කරන විදිය බහුලව බලි තොවිල් සාන්ති කර්ම වල පාවිච්චි කරනවා . මේකේ වෙන්නේ ගිනි දැල්ලට ක්ෂණික එල්ල කරන දුම්මල කුඩු පහර ගිනි ගන්න නිසා .ගිනී ජාලාවක් වගේ පේන නිසා .තමයි ගිනි විදිනවා වගේ පේන්නේ 
  2. දෙවෙනියට කරන ක්‍රමේ දී අපි කරන්නේ සුවද විලවුන් හෝ මෝර්ටීන් මදුරු නාෂක බෝතලයක් උනත් බාවිතා කරන්න පුලුවන් .එකේ වෙන්නේ ඒ දියර වල තියෙන මද්‍යසාර ගිනි ගන්න එකයි 
  3. මේ අවස්තාවේ අපි කටින් ගිනි පිඹින්න උත්සහා කලා .මම කලේ තිරිඟු පිටි කටින් පිඹින එක .එකෙත් උනේ පිටි ගිනි ගන්න එක .මේ කට ඉතින් කටේ තියන් ඉන්න පුලුවන් නම් බූමිතෙල් පෙට්‍රල් .හෝ මධ්‍යසාර උනත් බාවිතා කරන්න පුලුවන්  


මීට වඩා ඔබ දන්න ක්‍රම තියෙනවා නම් කියන්නකෝ 

Tuesday, October 13, 2015

නයින්ටීන් සිස්ටි ෆෝ ... 1964...............මහනුවරදී




මෙන්න නයින්ටීන් සිසිටි ෆෝ වල මහනුවර බීච් එකේ වෙච්ච දෙයක් 


නයින්ටීන් සිසිටී පෝ යනුවෙන්  රුප පෙට්ටියක ඉහල පැලැන්තියේ කෙල්ලෙකු කියනවා දැක්කේ නැද්ද . ඒ මදිවට කොල්ලෙක් අගනුවර මහනුවර කියලා කියාපි ..අවංකව ඒ කෙල්ලයි කොල්ලයි කවදා  කවදාහරි කාව හරි කාසාඳ බෙඳලා ලමයෙක් හම්බ උනොත් ඒ ලමයා කොහොම වෙයිද ?
කොහොම හදයි ද?. මේ වගේ දේවල දිහා රසවින්දනාත්මකව බලනව්වාට වඩා මෙහි ජාතික ගැටලුවක පෙර නිමිති පෙනවා නේද ? .වෙනත් ජාතියක ට වඩා අපි සංස්කෘතිය ගැන කතා කලද ඉතිහාසය හා සංස්කෘතිය ගැන දන්නේ අතලොස්සකි කියල අමුටුවෙන් කියන්න ඔනේ නෑනේ .

බොහෝ විට අද පරපුරේ ජනප්‍රිය උන් මෙවන් ගොන් පරපුරක් වීමට හේතුව අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වත් .දේෂපාලනයත් නොවේ .
එසේ නම් හේතුව මොකද්ද ..අපි ඒක සනුද්‍රි ප්‍රියසාද් ගෙන් පටන් ගනිමු .ඇය ජනප්‍රිය වන්නේ ඇගේ පියා නිසා උරුම වූ පදනම නිසාය .ඇයගේ පියා විකට චිත්‍රපට අධ්‍යක්ශ වරයෙකි .ඇය විහිලු කරියක් වීම ඇගේ ජම්ම ගතිය විය හැක .
නමුත් මේ තරම් කාලා කටයුතු වල නොයෙදුනු ඇය වැනි මෝඩියක් මෙතරම් ජනප්‍රිය වීමට තම පිය උරුමය ප්‍රමානවත් යැයි මට නොසිතේ 

ඇය ජනප්‍රිය වීමට හේතු වූවා යයි මම සිතන කාරනා මම එකින් එක පෙලගස්සනම් පහලින් 
  1. ඇයගේ සුන්දරත්වය : ඇය පැහැපත් ය . පොශ් පෙනුමක් ඇත 
  2. ඇයගේ පියා : ඇයගේ ප්‍රකට චිත්‍ර පට කරුවෙකි
  3. සෝසල් මීඩියා : ඇය සෝසල් මීඩියා තුල කල විකාර 
  4. tv: බඩ ගෝස්තර වාදීන් විසින් ඇය උලුප්පා තැබීම 

මෙන්න මේ හේතු ටික තමයි සරලව මට පේන්නේ නමුත් මෙහි ප්‍රදානම වරදකරුවන් සෝසල් මීඩියා බාවිතා කරන මෝඩයින්(සෝසල් මීඩියා එන අය අතරින් මෝඩ පිරිස පමනි ) හා හා ලාංකීය රූපවාහිනී නාලිකා 
වන්ය . ප්‍රදානම දේ අද රූපවාහිනී තුල නිවේදනය .ටෙලි නාට්‍ය සදහා බාවිතා කරන්නේ පොත්ත සුදු කුමාරයින් හා කුමාරිකාවන්‍ ය . ඔබ සොයා බලන්න යොවුන් සම්මාන උලෙල වලදී හොඳම නලුවා නිලිය  රූපවාහිනියේ දකින්නට නැත .නිවේදනය කරන්නේ ද .නිලියන්‍ ය .
සෑම නාලිකාවක වගේම යන මෙගා චාටර් කාතා .කොච්චර විහිලුද කියා මුලු ලෝකයම දනී. නමුත් මාධ්‍ය නාලිකා එවා වෙනස් නොකරන්නේ .ලංකාවේ මාධ්‍ය නාලිකා වල ඉලක්ක ගත පිරිස ලාංකීය බහුතර විචාර බුද්ධියෙන් තොර කාන්තාවන් පිරිමින් නිසාය .එවැනි උන්ට සාපේක්ෂව ශනුද්‍රි වැනි එකියන් උගත්  කෙල්ලන්‍ ය .  

ශනුද්‍රි යනු ලාංකීය සිංහල බහුතරය නියෝජනය කරන එක චරිතයක් පමණක් බව ඔබ වටහා ගත යුතුය .
මෙයට ප්‍රදාන හේතුවක් ලෙස ලාංකීය උගත් පවුල් වලින් බිහිවන්නේ ලමුන් දෙන්නෙකි නැත්තම් තුන් දෙනෙකි .නමුත් නූගත් පවුල් වලින් ලමුන් හතර පහ බිහිවෙති .ඒ හේතුව නිසා ලාංකීය මෝඩ ප්‍රතිශතය එන්න එන්න ම වැඩි වී ඇත .

එය වෙනස් කිරීමට මා යෝජනා කීපයක් කරන්නට කැමතිය 
  1.  ලාංකිය මාධ්‍යට වාරන කොට විද්වත් තේරිම් කමිටුවකින් සමත් වන ටෙලිනාට්‍ය විකාෂය කල යුතුය 
  2. නලුවන් නිලියන් වීමට ඒ පිලිබඳ හෑදෑරීම අනිවාර්‍ය කල යුතුය 
  3. රාත්‍රී 6-10 දක්වා සියලු නාලිකා වල අධ්‍යපන වැඩසටහන් විකාෂය කල යුතුය .....
  4. ....
  5. .
  6. .විවාහයේදී යුවලේ දැනුම පරීක්ශා කොට හදන ලමුන් ගනන වාරනය කල යුතුය (සාමන්‍ය දැනුමක් වත් තිබේ නම් නම් ලමුන් වැඩි පුර සැදීමට දිරි දිය යුතුය )
මෙන්න මේ යෝජනා ඔබටත් ඇති .නමුත් ඒවා කිසිදා නොවන බවඳ  මම දනිමි .
මෙවන් නූගත් කලා මාධ්‍ය පරපුරක් සමග ලංකාවා කිසිදා දියුනු රටක් කරනූ දහවල් දකින හීනයකි 

(මා ඉහත මෝඩ  අය යයි අදහස් කරන්නේ .තම රට ජාතිය ගැන පවා කිසි අවබෝධයක් නැති පිරිස හඟවන්නට පමනි )

Monday, October 12, 2015

රසේ දැනුනා ජීවිතේ ...........



ඔබට සතුටක් දැනුනද ?  සතුටක් දුකින් වෙන් කර හදුනා ගැනීමට නම් ඔබට දුක දෑනී තිබිය යුතුය .ඔබට දුක හඳුනා ගැනීමට සතුට දැනී තිබිය යුතුය .මෙන්න මේ වගේ මේ ලෝකයේ හෑම දෙයකම විරුද්ද දෙයක් තියෙනවා  

ඔබට මෙය තේරුම් ගන්නට පහසු නොවන්නටත් පුලුවන් නමුත් මාත් එක්කම හිතලා බලමු . ඔබ සතුටින් සිටීමට උත්සාහ කරන්නේ ඔබ දුකෙහි කටුකත්වය දන්නා නිසාය .
ඔබ මුදල් උපයා ධනවත් වන්නට උත්සහ කරන්නේ ඔබ ඔබ දුප්පත් කම දන්නා නිසාය.
මෙය සමාජීය කාරනා වලට පමණක් නොව විද්‍යාව ගණිතය  හා බුදු දහමටද අදාලය 
මම මේ මතු කරණ අදහස බුදු දහම තුල මීට වසර 2500 පෙර සදහන් වී ඇති බව ඔබත් මමත් දන්නා දෙයකි.
අටලෝ දහම වගේ අපි කවුරුත් දන්නා කාරණා තුල වගේම හේතු ඵල දහම තුල ත් මේ කාරණා ඉතා ගැඹුරින් සාකච්ඡාවට භාජනය වෙනවා ..
අපි දන්න පැත්තට හැරුනොත් විද්‍යාවේ ධන ආරෝපණ යන්න වටහා ගන්නට  රින ආරෝපනය  යන්න තිබිය යුතුය .එකට හේතුය ආරෝපන අන්නට ලකුනක් යොදන්නේ එකකට සාපේක්ශව නිසාය .
එන්න ඒ විදියට බැලුවොත් ගණිතය තුල ධණ  සංඛ්‍යා පවතින්න නම් රිණ සංඛ්‍යා  යන්නක් තිබිය යුතුය .. 
අවකනය නැත්තනම් අනුකලනයද නැත .එකතු කිරීම නැත්තම් අඩු කිරීමද නැත 

මෙන්න මෙහෙම හිතුවොත් ඔබට තේරේවි දැනට ඔබ වැදගත් යයි සලකන දේවල් ඔබට වැදගත් යයි හිතන්නේ අනෙක් දේවල් වැදගත් නොවන නිසාය .මේක තේරුම් ගන්න උදාහරණ කීපයක් බලමු ගනිමු .

ඔබ ඔබේ පෙම්වතෙකු නම් ,
ඔබ ඔබේ පෙම්වතිය කොන්ඩේ දිගට වවනාවාට අතිශය කැමති වන්නේ නම් .ඔබ ඇය කොන්ඩය කොටට කපනවාට අකමැති විය යුතුය . 

තවත් උදාහරණයක් ගත්තොත් 
සිල් රකින මිනිසුන් පිරිසක් සලකන්න .ඔවුන් කිසිවිටෙක සිල් පද නොකඩනවා යයි සැලකුවොත් .ඔවුන් තුල වැරදි කරන පුද්ගලයන් නැද්ද .ඉන්නවා නමුත් ඒ වැරදි  කරන අය . සිල් නොරකින මීනිසුන් ඉන්නා තැනකට ගියයොත් ඔහු එතන හොඳම මිනිසා බවට පත් වෙයි .



ඔන්න ඔය වගේ හැම දෙයක්ම ගත්තොත් කතා කරන්න වෙන්නේ .වෙන දෙයකට සාපේක්ශව .. 
කෙනෙක් හොඳද නැද්ද තීරනය කල යුත්තේ යමෙක් හෝ පිරිසක් ඔහු හා සසඳා ය .අපිට ඔහු හොඳ අයෙක් යයි කිව නොහැක .අපට කිව හැක්කේ ඔවුන්ට හෝ ඔහුට වඩා ඔහු හොඳයි ලෙසය 
ලස්සනද එලෙසය .අපට ලස්සන ද කිව හැක්කේ සාපේක්ශවය .

ඉතින් මෙලොව තිත්ත නම් රසයක් නොතිබුනා නම් .පැනි රස යන්න ට කිසි තැනක් නොඑනු නැත .කැත නොතිබෙන්නට ලස්සන යන්න නොපවතිනු ඇත ..


මගේ වීඩියෝ බලන්න :







Sunday, October 11, 2015

කාන්දම් ද්‍රවය - made in sri Lanka



ටෙක්නෝ 2015 ප්‍රදර්ශනයේ දී මොරටුව විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨ සිසුන් ඉදිරි පත් කරන ලද කාන්දම් ද්‍රවය. මෙය මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන ඉංජිනේරු අංශය මගින් කරනු ලැබූ නිර්මාණයක්
මෙහිදී මෙම යම් මාධ්‍යක් තුල චුම්බක ගුණ සහිත ද්‍රවය එක් කොට මෙය නිමවා ඇති බව පෙනෙනවා . එයා විවිද යාන්ත්‍රික කොටස් වලදැනට තිබෙන යම් යම් දෝෂයන්ට විසඳුම් සපයනු ඇති 


මීට වටා යමක් දන්නේ නම් comment කරදැනුවත් කරන්න 

බයිසිකලේ ....බයිසිකලේ..... දුප්පත් අපගේ .....බයිසිකලේ




මෙදා පාර ඔන්න කලා හිත අරන් යන විඩියෝ එකක් ... එක දවසක් දා රූං ගාලා හිත අරන් යන ටීවී ඇඩ් එක දැකලා ඇති නේද .... එකේ හිත අරන් යන්නේ බයික් එක මිසක් අල්ලු අර්ජුන් නේවේ ...ඒ කියන්නේ ඉන්දියාවේ කෙල්ලෝ මොටර් බයික් ගැන උනන්දුයි කියන එක නෙවෙයි ...ඉන්දීය සමාජයේ තීයෙන ජරාජීර්ණ බව තම ස්වාමි පුරුශයා දමා යන්න තරම් ......මොනවද මම මේ කියන්නේ  .බයිසිකලේ ගැන කියන්න ගිහින් ඉන්දියාවේ කෙල්ලෝ ගැන කියන්නේ ...

ඔන්න ඉතින් බයිසිකලේ ... කතාව ..කාටවත් ඉතින් බයිසිකලේ කොටස් ගැන කියන්න ඔනේ නෑනේ 
ඒත් බලාගන්නකෝ දැන් කවුද පුස් බයික් පදින්නේ ..හැමෝම ඩියෝ නෙ පදින්නේ 

ඉස්සර ප්‍රේම කතා වල කොල්ල බලන්න කෙල්ල එන්නෙ පුශ් බයික් එකේ . දැන් ලොකු වියාපාරිකයෝ වෙලා ඉන්න ගොඩක් අය පටන් ගත්ත වාහනය මේ පුශ් බයිසිකලේ . මීට අවුරුදු ගානකට කලින් අපි ..අපේ කොල්ලෝ කෙල්ලෝ ස්කොලේ ගියේ පුශ් බයිසිකලේ.. දැන් ගොඩක් දේවල් වෙනස් ..ඉස්සර උපන් දිනේට 
ශිෂ්‍යත්ව පාස් උනාම ඉල්ලුවේ බයිසිකලයක් ..ඒත් දැන් ඉල්ලන්නෙ ලැප් එකක් ,කොම්පුටර් එකක් ,ස්මාර්ට් පෝන් එකක් ..මේවගේ දේවල් අස්සෙ තාමත් බයිසිකල් පදින රත්තරන් කොල්ලො කෙල්ලො ඉන්න බව කියන්නත් ඔනේ ..
මේ බයික් පැදීම අඩු වීම ලමා පරපුරේ ශරීර සුවතාවයත් අබියෝග කරලා තියෙනවා .


මෙන්න රූපේ තියෙනවා වගේ මවුන්ටන් බයික් ලංකාවේ රුපියල් පනස් දාහකට වගේ කිට්ටු වෙනවා 
ඉතින් ඒකේන් පේන්නේ බයිසිකලේ පස්සට ගිහිල්ලා නෑ කියලා .

මුලින්ම රෝදය සොයාගත්තා කියලා ලෝකය පිලිගන්නේ මෙසපොතේමියානු ශිෂ්ටාරයේ කියලයි .නමුත් ආසියාව තුලත් රෝදය ඇතුලු වාහන සම්බන්දව සම්බවයක් තියෙන්න පුලුවන් නමුත් ඒවා යටපත් වෙලා තියෙන්නේ .සහතික නොකල ඉතිහාසය තුල මුල්ම බයිසිකලේ කටුසටහන හා අදහස ලියනාඩෝ ඩාවින්සි ගේ ගෝලයෙක් වෙන  (1493 ) Gian Giacomo Caprotti නමුත් ලියනාඩෝ ඩාවින්සිගේ නිමැවුම් වගේම මෙය ත් කටු සටහනකට සීමා උනා .

මේ වගේ කාලේ ගතවෙලා ප්‍රායෝගික වගේම සාර්තක බයිසිකලය නිර්මාණය උනේ 1817 දී ජර්මානු ජාතික Baron Karl von Drais, විසිනි .නමුත් රුසියානු විද්‍යා පොත් වල මෙය වෙනස් විදියට වාර්තාවෙනවා .. ඔවුන් කියන්නේ මුල් සයිකලය රුසියාවේ ආරම්භ වූ වගක් . නමුත් ලෝකයේ පා පැදිය ,යතුරු පැදිය ,ස්කූටර ,කාර් රථය ,ත්‍රී රෝද රථය සම්භවය සපයලා තියන්නේ ඉතාලිය ,ප්‍රංශය,හා ජර්මනිය කියන රටවල් තමයි පිලිගන්නේ මුල්ම නිර්මාපකයෝ විදියට .ඉහත කී මුල්ම පා පැදිය පේටන්ට් බලපත්‍ර ගැනීමෙන් පසු මුල් පාපැදිය  velocipede, නමින් හඳුන්වනු ලැබුවා .
ඔන්න ඔය විදියට ආරම්බ උන පා පැදිය අද දක්වා එක එක රටවල් යටතේ දියුනු වෙමින් ඉතා ඉහල මට්ටමකට පැමින තියෙනවා 


තවත් විස්තර බලන්න :


කොමෙන්ටුවක් දාලාම යන්නකෝ 


මගේ වීඩියෝ බලන්න :


Thursday, October 8, 2015

ස්ටේටස් හා ලොකු කම .....

අපි ජීවත් වෙන්න ඔනේ අපි ආස විදියට 
ඒත් ගොඩාක් අය තමන්ගේ ආස ජිවිතේ හොයාගන්නේ නෑ .කරන්නේ තමන් කරන ජොබ් එක විදියට ඉන්න එක . දොස්තරලා ඔවා කරන එක හරි නෑ ..ගුරුවරියක් වෙලා කොල්ල එක්ක බීච් යන එක හරිද ..ඔන්න ඔය වගේ මිනිස්සු අපිව කොටු කරලාතියෙනවා 
.
.
.
.
ඒත් එහෙම කොටු වෙන එක හරි . කොටු කරන එක හරි නිවැරදි නෑ .
අපි ඉගෙන ගන්නේ .රස්සාවල් කරන්නේ ..විවාහ වෙන්නේ මේ හැම දෙයක්ම .
වගේ අතර අපේ හීන ඉටු කරගන්න තරඟේ දුවද්දිත් ..අපි එකම දෙයයි කරලා තියෙන්නේ 
ඒ කාපු එකයි හුස්ම ගත්තු එකයි විතරයි 

සරලව කිව්වොත් අපි කරන්නේ ජිවත් වෙන එක .

අපි ජිවත් වෙන්නෙ කන්න නෙවේ ..අපි කන්නෙ ජිවත් වෙන්නෙ කියල දන්න ඔබ ඇයි 


ජොබ් කරන්න ජිවත් වෙන්නේ .
ජිවත් වෙන්න ජොබ් කරන්නේ නැතුව 


මගේ වීඩියෝ බලන්න :

පෙම් වතියයි .................බලු කූක්කයි හා වේ නම් එක වෙලා



ඔබ වඩාත්ම අදරේ කාටද ... පෙම්වතියට නැත්තම් බිරිඳට ...නැත්තම්  ගෙදර හදන බලු කුක්කටද ??
නිසැකව ඔබ ආදරය කරන්නේ පෙම් වතියටය ..නැත්තම් බිරිඳටයි ... ඒක මිනිස් 
ස්වබාවය .නැත්තම් මිනිස් පලපුරුද්ද ...නැත්තම් උරුමය .කොටිම්ම් කියනවා නම් සංස්කෘතිය .
අපි හැම දෙයක්ම කරන්නෙ පලපුරුද්දෙන් .අපි අම්මා ට අම්මා කියන්නේ පෙර දරුවන් ද අම්මාට අම්මා කියා ඇති නිසා මිසක  අම්මා හැදින්වෙන නම  අම්මා නිසාම නොවේ .එසේ නම් අප උපදින විටම පෙර පරම්පරාවේ පුරුදු දේ කරන පිරිසකකි  (pre-programmed robots)

අන්න ඒ වගේ අපි ආදරය කියන හැගීමත් පෙර පුරුද්දක් .. ඔබ ඔබේ බිරිඳිට ආදරෙයි .දරුවන්ට ආදරෙයි ..එත් අනෙක් මිනිස්සුන්ට .සතා සීපාවන්ට ..ගහ කොලට ආදරේ කරන්නේ නෑ ..සංස්කෘතිය විසින් ආදරය එකිනෙකාට වෙනස් විදියට දක්වන්න පුරුදු කරල තියෙනවා .

ඒත් ගහ කොල සාතා සීපාවා තුල මෙය වෙනස් ... මිනිසා මෙන් නෙවි ඔවුන් තුල ආදරය බෙදා දීමේ යම් සාදාරන බාවයක් තියෙනවා .. ඔවුන්ගේ ආදරය විෂේෂයෙන් සතුන් අපට ආදරය දක්වනේ 
ගොඩාක් වෙලාවට කල ගුන සැලකීමක් වශයෙන් .එය සුලු සුලු දේ වලට වෙනස් වෙන්නෙ නෑ 
ඒක බලන්න හොඳ පරීක්ශනයක් තමයි මේ 
එක සමාන කාමරයක් ගන්න එකම තත්ව යටතේ ඔබේ බිරිඳ කාමරේක දාලා දොර වහාලා තියන්න .පැය දෙකක් පමන දොර ඇරපු ගමන් ඇය ඔබව නොමරා මරනු ඇත . නමුත් 
ඔබේ සුරතල් බලු කුක්කා එලෙසම පැයක් පමන දොර වසා සිට ඇරිය විට 
බලු පැටියා ආදරයෙන් එනු ඔබ වෙත එනු ඇත .
වෙන මොන කතාද ?






Wednesday, October 7, 2015

මල මුහුදයි ඔයයි මමයි ............................................


මේක කියෙව්වම සමහරු කැමති වෙයි .සමහරුන්ට නහුතෙට තද වෙයි ......  පිස්සුවෙන් ලව් කරන බට්ටන්ට නෙවෙයි .ලව් කරලා නා ගත්ත උන් නම් ඉතින් මේක දන්නවා ඇති ...

අපි අද කතා කරන්නේ මේ ගිලීම ගැන ... තරල කියල හඳුන්වන ජාති දෙකක් තියෙනවා එකක් ද්‍රව අනෙක  වායු .වායු ගෝලයේ නම් අපි ගිලිල ඉන්නේ ...වායුගෝලේ පාවෙන්න නම් ඉතින් ටිකක් අමරුයි .එත් ඉතින් ගංජා සුරුට්ටුවක් .. කුඩු පොඩ්ඩක් ගහල උරලා සූර් උනා නම් ඉතින් මේ ඉන්න වායු ගෝලෙත් පාවෙන්න පුලුවන් 


ඉතින් ද්‍රවයක හෝ වායුවක පාවෙන්න ඔනේ නම් ඔයාලගේ බර ට සමාන  බලයක් තරලය මගින් ඉහලට බලයක් යෙදෙන්න ඔනේ ... සාමාන්‍යයෙන් ඒ ඇති වෙන බලය අපි නිසා අවකාසයේ තරලයට අහිමි වෙන ඉඩ නැත්තම් පරිමවට සමාන තරල පරිමාවක බරට සමාන වෙනවා ඒ බලේ අපේ බරට වඩා වැඩි නම් හරි සමාන නම් හරි අපිට පාවෙන්න පුලුවන් ..හැබැයි පිහිනීමේදී වෙන්නේ වෙන දෙයක් ...

ඉතින් මම කිව්වා වගේ මල මුහුදට පැන්නොත් මොකද වෙන්නේ ..අපි කවුරුත් දන්නවා මල මුහුදේ ගිලෙන්නේ නැති විත්තිය .. එකට හේතුව තමයි එකේ අදික ලුනු දියවෙලා තියෙන නිසා ඇතිවෙච්ච අදික ඝනත්වය .එක නිසා අපි ගිලෙන කොට අපිට ජලයෙන් ඉහලට දැනෙන බලය මල මුහුදෙදි වැඩී 

ඉතින් මේ අදරය මේකට ගලපන්නෙ කොහොමද ..සමහරු ආදරක් පටන් ගන්නේ එකෙන් කිසි කරදරක් වෙන එකක් නෑ කියලනේ .ඒත් කිසි අවුලක් නැතුව යහතින් ආදර කතා ඉවර වෙන්නේ කීයෙන් කී දෙනාගෙද ? ඉතින් අමාරුවේ වැටෙනාවා කියා නොදැන අමාරුවේ වැටෙන සිද්දිය 
 මල මුහුදට පනින්න ගිහින් පැසිෆික් සාගරයට වැටෙනවා වගේ නෙවෙයිද?




  

Monday, October 5, 2015

The Marriage( හිරයක් )-- ඇඹුල් අඹයක ඇසින්

විවාහය හරියට ඇඹුල් අඹයක් වගේ ඇඹුල් ආඹේ කන එකාට එය තරම් අමිහිරි වෙන දෙයක් නා ..ඒත් බලන් ඉන්න එකාට කටට කෙල උරනවා ....
ඔන්න සමහරු කරගන්න ඉන්න ..සමහරු ගලවගන්න බැරුව ඉන්න ....විවාහය ගැන ලිව්වා ....

කොල්ලෝ කෙල්ලෝ වැඩි වියට පත් වෙනකොට එක එක හීන මවනව පවුල් වෙන්න ....බදින්න ඔනේ නැති වයසේ බදින්න තමයි ට්‍රයි කරන්නෙ ..ඉවසගෙන ඉන්න බැරි අය ඉතින් සිනමා ශාලා වල ..හෝටල් කාමර..
බීච් එකේ තමයි සමහරුන්ගේ පවුල නැත්තං හිරේ පටන් ගන්නේ ...

මෙවට හේතු නම් ගොඩක් තියේ  සමහර ඒවා වැදගත් විදියට කියන්නත් බෑ ...නොකියත් බෑ ....ලොකුම දෙයක් තමයි ඉවසීමක් නැති කම ..තව නව යොවුන් ආකර්ශනය වැරදි ලෙස තේරුම් ගැනීම ...

ඉතින් මේ කොල්ලො කෙල්ලෝ බැඳපු ජෝඩු දිහා බලන්නේ අමු අඹය කන එකා දිහා කෑල්ලක් දෙනකල් බලන් ඉන්න ...එවුන් වගේ කන එකා තමයි දන්නේ අමු අඹේ රඟේ ....

ඉතින් පොඩි කාලේ පැනල යන කෙල්ලො හිතන් යන්නේ මේ අනන්තයෙන් ආ තරු කුමරත් එක්ක යනවාකියලා ..එත් ගියාම තමයි තේරෙන්නේ ..අනන්තයෙන් නෙවෙයි අපායෙන් අපු එකෙක් කියලා ...මේ හැඟීම පිරීමියටත් දැනෙනවා ..ගැහැනියටත් දැනෙනවා ....

මිනිසා අනෙක් සතුන්ට වඩා දියුනු වෙලා .තරමක් ස්වභාව දර්මයේ රටාවන් වෙනස් කරගෙන .තිරිසන් ගති ...දුරු කරගෙන .... ඉන්න ඉන්න නිසා තමයි මිනිසාගේ මනස උසස් කියලා සලකන්නේ ...එත් මේ කසාදේ ...සහා ඒ ආශ්‍රිත ක්‍රියා වලදි මිනිසා මනසින් පහත් වෙනවා ....

මර්ෆි කියල කෙනෙක් කියලතියෙනවා ... බෞතික විද්‍යාව රසායන විද්‍යාවට පරදින තැන තියෙන්නේ ආදරය කියලා ... බෞතික විද්‍යාවයි ... රසායන විද්‍යාවයි තමයි ..ජීව විද්‍යාව ටත් බල පාන්නේ ..මේ මූලික විද්‍යාවන්ට හරි හැටි කියාගන්න බැරි දේවල් තමයි මේ මනස ඒ වගේම ..හැඟීම් කියන්නේ .....මොනවද කියන ..එක...

.
එක් නිසා ඔබටත් කියන්න තියෙන්නේ හැමදෙයක් නිසි කල නිසි ලෙස කලාම කිසි ලෙස අවුලක් නෑ








comment එකක් දාලා ඔබේ අදහස කියලම යන්න 


 

Friday, October 2, 2015

gini gedi dennam.. gama awulannam- ගම අවුලන්නම්

ගිනි ගෙඩි දෙන්න හැමෝටම බෑනේ ... ඒකටත් අවුරුදු ගානක පල පුරුද්ද ඔනේ .
ඔන්න අලුත් විදියකට ගිනි අවුලුවන විදියක් ..... උත්සහ කරල බලන්න 


අද මම ගෙනල්ල තියෙන්නෙ ගිනි පෙට්ට්ටියක් ලයිටරයක් නැතුව ගිනි අවුල වන්න පුලුවන්
මම මේක අහුලා ගත්තේ ඩිස්කවරි  චැනල් එකේ සර්වයිවල් වැඩ සටහනකින් .මේ ක්‍රමයෙන් ඔනේ තෙත පෘsශ්ටයක .තෙත තත්වයක ගිනි අවුලවන්න පුලුවන්.නිකක් නෙවෙ ප්‍රබල ගින්නක් 
මෙතන වෙන්නේ ග්ලසරින් නිසා ඇතිවෙන තාපය මගින් කොන්ඩිස් වියොජනය වෙල ඔක්සිජන් පිට කරනු ලබනවා ...ඔක්සිජන් කියන්නෙ දහන පෝශී වායුවක් නිසා ..ගින්න හොහොඳින් ඇවිලෙනවා  


සුජී ලා .... හා චාමරගේ යාලුවන්ට ලියමි

මේ දිනවල සොසල් මීඩියාවේ තරු වී තියෙන්නෙ ඔසානි සන්දීපා ගේ ලොකු ලයින් හා යුරේනි අක්කගේ යට ඇදුම සහ සුජී ගේ ගෑණිගේ ඇසබ් වදන් හා චාමර ගේ යාලුවන්ගේ ගෑණුන්ට පෙන්නන චංඩි කම්ය



ඇත්තටම මේ සිද්දී මාලාව දකින්න පුලුවන් ....විදි ගොඩාක් තියෙනවා ...අපි ඔශානී හා යුරේනී  මේ කතාවෙන් බැහැර කරමු ...ඊට හේතුව ඔවුන් සෝසල් මීඩියා පාවිච්චි කරන්නේ එයාලගේ වෘත්තිමය දෙවල් වලට පමණයි ..(යුරේණි යට ඇදුම පෙනෙන ලෙස සැරසී සිටීම ඇයගේ වෘත්තියට අදාල දැයි නොදනිමි )

එතකොට සුජී ...හා චාමරගේ මිතුරන්ගේ සිද්දි දෙකම හේතු මූලයන් එක සමානය ....නමුත් සුජී වීඩියෝවේ සෑබෑ වැරදි කරු සුජී වුවද මුල් නෙත ගැතීමේදීම (first impression) අපි පිලිකුල් ලෙස දකින්නේ විදේශ රටක සිට අසැබි වදන් කියන කාන්තාව වෙතටයි .. නමුත් චාමර්ගේ මිතුරනේ වීඩියෝයේ කෙලින්ම පිරිමියාට ඇගිල්ල දිගු කර හැක ...


තවත් දෙයක් වන්නේ සුජී ..සුජී ගේ නෝනා ... චාමරගේ මිතුරන් හා ගුටි කෑ තරුනිය ...සියල්ල තම ජීවිතේ වරද්දා ගෙන ඇති බව පෙනේ ..(නිසි අධ්‍යපනය නොලැබීම ඇතුලු අන් හැම අතින්ම )


නමුත් මේ හැම එකකටම ප්‍රදාන හේතුව මත් පැන් හා මත් ද්‍රව්‍ය බාවිතයයි
..
මතින්තොර ලොවක මෙවන් අමන වැඩ නොවනු ඇත...... තවත් දෙයක් නම් ජනතාවගේ කුනු රසය උද්දීපනය කරන්නට ... මෙවැනි විඩියෝ උඩුඩත කරන කොටත් පොඩ්ඩක් හිතන්න ඔනේ ..


වරදවා සිතන්න එපා .... දෙයියෝ තමයි කිව්වේ ....

වරදවා සිතන්න එපා .... දෙයියෝ තමයි කිව්වේ .....
මම සාස්තරයක් අහන්න කියල නිවාඩු දවසක ගියා දේවාලෙට
එදා දෙවියෝ නිවාඩුලු .. දෙවියෝ බාර් එක පැත්තේ ගිහින් කියලයි කපුවා කිව්වෙ ඉතින් මාත් ගියා .... මටත් සුපුරුදු තැනනේ ඉතින් ... දැම්ම දෙයියෝ එක්ක කයියක් ... මම ඇහුවා ඉතින් මොකෝ දෙයියෝ මනුස්ස ලොකේ ජොබ් එක කරන්නේ මොකො කියලා ..දෙයිය කිව්වෙ ගැනූ ප්‍රශ්නයක් කියලා .. ඉතින් මාත් ඇහුවා මොකෝ කෙල්ලෝ ලොකු දෙයියෝ හැදුවේ කියලා .... දීපු උත්තරේ තමා ඔය පහල තියෙන්නේ .... මේක බොරු නම් දෙයියන්ට කියන්න